
(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි.
මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහිටා තිබේ.
ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බව ය.
සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ගෙන් ණය අරන් තියෙන නිසා.. උන්ටත් ලංකාවේ අයිතියක් තියෙනවා චීනට වගේ...
ජාතිවාදී කතාවක් කියනවා නොවෙයි... ඇත්තටම බංග්ලාදේශයේ ඉන්නේ කවුද? මේ විස්තර යූටියුබ් දැම්මාම මොනවා වෙන්න පුලුවන්ද? රට රකින අපේ විරුවා මතක් වෙනවා..
දැන් ඕනෑ නම් කාටහරි පුළුවන් ඕක මේ විදියට කියන්න... බංග්ලාදේශයේ 90% ක් ම ඉන්නේ ඉස්ලාම්ය... ත්‍රස්තවාදී සංවිධාන බහුතරයක්ම ඉස්ලාමය මත පදනම් වෙලා තියේය. ඒ අතින් බලපුවාම මේ ත්‍රස්තවාදියෙක් වෙන්නත් බැරි කමක් නැතිය... ත්‍රස්තවාදියන් මෙල්ල කරන්න නම් ඉතිං ආයේ රාජපක්ෂ කෙනෙක් නැතුවම බැරිය. දැන් ආර්ථිකේට රටට මොන හෙන ගෙඩියක් වැදිලා තිබුණත් අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඕනෑය. එහෙනම් ලබන පාරත් අපි එයාලාටම දෙමුය කියලා. ඒ ඉස්සර එහෙම වුණේ...
බංගලියා ගොන් අලියා කියන්න වෙනවා.
හිටපු ජනපති ප්‍රේමදාස මහත්තය අපි පැවතෙන්නේ බංගලියං ගෙන් කියලා කිව්වා වගේ මට මතකයි. ඉතිං මොකද්ද ප්‍රස්නේ.?
දළදා මාලිගාව අවට අධි ආරක්‍ෂිත කලාපයක් බවත් ඒ අවට ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් බවත් විදේශ සංචාරකයින්ට තියා රටේ ඉන්න අයටවත් දැනුම්දීලා තියෙනවද.?