(රොෂන් තුෂාර)
නඩු විභාගය සදහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ඩයනා ගමගේ හිටපු අමාත්‍යවරිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය.
නඩු විභාගය සඳහා පෙනී නොසිටීම සම්බන්ධයෙන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත්වීම හේතුවෙන් මෙම ඇපය නියම කරනන බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා යටතේ රහස් පොලිසිය පවරා ඇති නඩු හතකට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය 21 දින ඩයනා ගමගේ මහත්මියට මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර ඇපකරුවන්ටද නොතීසී නිකුත් කර තිබිණි.
ඩයනා ගමගේ විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉමාෂා සේනාධීර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ වෛරස් උණ රෝගය හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.
ඊට අදාළ වෛද්‍ය සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළාය.
2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම,වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම,2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා ,2017 ජූලි මස 17සිට 2018 ජූලි මස 16 දින දක්වා,2018ජූලි මස 17සිට 2019 ජූලි මස 16 දක්වා,2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ මෙම නඩු හත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය මගින් ගොනුකර ඇත.
ඩයනා ගමගේ වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තිකාරී අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් අපි නියම කරන බව සඳහන් කළේය
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩයනා ගමගේට ඇප
Perakum Liyanagama Tuesday, 26 August 2025 11:09 AM
ඇප දෙන්න වටින්නෙ නෑ කරපු වැරදි වලට. රටවැසිකම නැතිබව දැන දැනම පාර්ලිමේන්තු ආව. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරල හොර පාස්පෝට් එකක් හදාගත්ත. අපි කලොත් කොහොමද. මෙයා අද ඉන්න ඕන හිර ගෙදර. එයා ආරක්ෂා කරපු අයටත් නිසි දඬුවම් දිය යුතුය. ඒත් ඉතිං ඒව කොහෙද මේ ඉංදියන් සාගරයෙ අමුතු ඇටය නේ.