(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දය ලබා ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම විනය හොඳ නැ කියා කියා කාන්තාවන් එලවනවා
විනය පරීක්ෂණයකට කැදවා නිදහසට කරුණු විමසුවා යයි සිතමි. නෙරපීමට පෙර එය අනිවාර්යයි. නැත්නම් පසුව නඩුහබ සහ කරදර.
මොකද ඒකට මෙච්චර කලයක් ගත්තේ? අපොයි ඔයාලාට ආණ්ඩුවක් ලැබුණත් ඔච්චර තමයි ඉතින්... කිසිම දෙයක් කරන්න දන්නේ නැහැ...
මෙයා නේද පාර්ලිමේන්තුවේ කිව්වේ ගංජා නීතිගත කරන්න ඕනෑ කියලා... එදායින් පස්සේ කතා කරනවා දැක්කේම නැහැ...
ආණ්ඩුවේ කංසා වගාකටයුතු රාජ්‍ය ඇමති වෙන්න ඉන්නේ මෙතුමියද?
මේ වගේ කෙනෙක් මොකටද පක්ෂයට බඳවා ගත්තේ?
ඇයි ඩයනා ගමගේ විතරක් එලවන්නේ. සමගි ජන බලවේගයේ තවත් එක් පිරිමි මන්ත්‍රී කෙනෙකුත් 20 සහයට ඡන්දය දුන්නා. එයාව තියාගන්නෙ මොකද. දෙමළ ජනතාවගේ ඡන්ද නැති වෙයි කියලා බයේද. ඉතුරු හය දෙනා නම් වෙනත් පක්ෂ වලින් මෙයාලා එක්ක ඉන්න රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් දෙන්නගේ ගෝලයෝ, නමුත් සජිත්ලාගේ පක්ෂයෙන්ම ආව දෙන්නෙක් 20ට අත් ඉස්සුවා නම් ඒ දෙන්නටම එකම විනය පියවර ගන්න ඕන.
මොන විනයක්ද? මෙයාව එදාම එළවන්නයි තිබ්බේ...
ටෙලිපොන් එක දාලාද යන්නේ
ජැක්පොට් එකක් ඇදුනා වගේ ආපු එකම අවස්ථාවෙන් එයා උපරිම පුද්ගලික ප්‍රයෝජන ගත්තා .එංගලන්ත පුරවැසිකම ගත්ත කෙනෙක් මම හිතන්නේ නෑ කවදාවත් ලංකාව දියුණු රටක් වෙනවට කැමති වෙයි කියලා
මාදවී ඔබනම් විනය තකන කෙනෙක් වගේ ?ඩයනා ගේ විනය කොහොමද කියලා ආයෙත් උත්තරයක් දියන් බන්
දැන් ඉතින් පූර්ණකාලීනව වෙන රස්සාවක් කළ හැකියි.
ඔය සමගි ජනබලවේගය කියන පක්ෂයේ හිමිකරු ඩයනගේ සැමියා... දැන් ඉතින් පක්ෂයේ ලොකු පිපිරීමක් වෙලා තමයි ප්‍රශ්නය විසඳන්නේ. සජිත්ලාට වෙන නමක් හොයාගන්න වෙනවා ඊළඟ ඡන්දෙට...