
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.
මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුව - දණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නැමති තරුණියයි.
දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබූ තිබූ අතර ඇයට ඒ වන විට සිහිය නොමැති වී ඇති බව මාපියන් පවසති.
එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමු කර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණ.
එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අළුයම එහිදී මිය ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජීවිතයක් අකාලයේ මියයෑම කම්පනයක්,නිවන් සුව ප්‍රාර්ථනා කරමි , සොබාදහම නොවයිනම් ? මැවුම් කරුගේ මදුරු මැවිල්ල බලුවැඩක්
ඩෙංගු රෝගීන් ගණන වැඩි වෙනවිට හා ඒ ලෙඩෙන් රටේ මිනිස් ජීවිත අකාලයේ නැතිවෙන විට,පී එච් අයි වරුන් බුරුතු පිටින් පොලීසිය වගේ ඇඳුම් කට්ටල ඇඳගෙන කඩා පනිනවා.ඇවිත් දඩ ගහනවා.ඒත් අනිත් කාලෙට ඒ අය කොහේද කියාවත් හොයාගන්නට බැහැ. ඔයිට වැඩිය දෙයක් ඔවුන්ගෙන් වෙන්නේ නැහැ.රටේ බොහෝ තැන් වල වතුර බැස නොයන කානුවල මදුරු පණුවන් පිරිලා.ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට තරම් කිසිදු උවමනාවක් ඇත්තේ නැහැ.රටේ පහත් බිම් වල වතුර වල කෝටි ගණනින් මදුරු කීටයන් සිටිනවා.කෙසෙල් පිතිවල පවා එහෙමයි.ඒ සියල්ල සොයාබලා කීටයන් මර්ධනය කිරීමට පර්යේෂණ වැඩ පිළිවෙලක් දියත් කරන්නට බුද්ධියක් නැහැ.පුළුවන් එකම දේ පෙර කී පරිදි මහන්තත්ත කම ඔළුවට ගෙන දඩ ගැසීමට පමණයි.මෙන්න මෙය තමයි මේ රටේ ජනතාවට තියෙන ඛේදවාචකය. සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ඩෙංගු කීටයන් මර්ධනය කිරීමට තරම් උවමනාවක් නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.රජයට අවශ්‍ය වන්නේ,ඩෙංගු වසංගතය මුවාවෙන් දඩ මුදල් ලබා ගැනීමටයි.කොහෙන් ගියත් රජයට ආදායම්.රජය ඒ තරමට ජනතාවට ආදරෙයි.