ව්‍යන්ධකරණයට ලක්කරන ලද පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීම මගින් ඩෙංගු පාලනය කළ හැකි බව කැලණිය විශ්ව විද්‍යාලයීය අනුක වෛද්‍ය විද්‍යා ඒකකය සහ තවත් ආයතන කීපයක් එක්ව සිදු කළ පර්යේෂණයකින් ආනාවරණය කරගෙන තිබේ.
ව්‍යන්ධකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් පරිසරයේදී ගැහැණු මදුරුවන් සමඟ ප්‍රජනනය කිරීමෙන් පසුව දමන බිත්තරවලින් මදුරුකීටයන් බෝ නොවීම නිසා කලක් යන විට මදුරු ග්‍රහණය අඩුවන අතර එමගින් ඩෙංගු පාලනය වන බව ද කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ..., ඔය කතාව අවුරුදු ගාණක ඉඳලා කියනවා. එක්කෝ වගකිව යුතු අංශ මේක ප්‍රයෝජනයට ගන්නේ නැහැ. නැතිනම් එකම පර්යේෂණය නැවත නැවත කියනවා.
ඊටත් වඩා ලේසියිනේ පරිසරයේ ඉන්න ගැහැණු මදුරුවන් හොයලා මරා දමන එක...