( ගම්පහ තිලකරත්න දිසානායක)
වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී මෙරට පළමු වරට අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනෙහි ප්‍රථම වරට මෙම කාර්යය සිදු කළ අතර වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබීය.
මදුරුවන් මුදා හැරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ජානකී හේවාවසන්ති මහත්මිය සදහන් කර සිටියේ, වසර කිහිපයක් සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් එළිදැක්වීම මෙලෙස සිදු කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. මහා පරිමාණ මදුරු කොයිල් නිෂ්පාදකයන් හමුවේ මෙච්චර කාලයක් පරීක්ෂණ කරපු මිනිස්සුන්ට දණ නමන්න සිද්ද වුණා. කියුබාවෙන් ලේසියෙන්ම ගෙන්නන්න තිබුණා මදුරුවන් මරණ ප්‍රොජෙක්ට් එක මහා පරිමාණ බහු ජාතික සමාගම් විසින් නැවැත්තුවා. හැම ආණ්ඩුවක්ම දන නැමුවා ඔවුන් හමුවේ. තිත්ත ඇත්ත ඒක තමයි. ඩෙංගු නිසා නැති වුණු ජීවිත වලට ඒ සමාගම් වග කියන්න ඕනෑ. ඩෙංගු හැදුණත් මිනිස්සු මැරෙනවා, මදුරු කොයිල් වේපරයිසර් නිසාත් මිනිස්සු මැරෙනවා. මේවා කතා කරන්නේ නෑ. කවුරුත් ජීවිත වලට තියෙන ආසාව නිසා. මේ වෙනුවෙන් දායක වූ සැමට ජාතියේ ප්‍රණාමය. මොවුන්ව ආරක්ෂා කර ගනිමින් තවත් දැනුම ලබා ගන්න සහ අවශ්‍ය පහසුකම් සැලසීම පවතින රජයේ යුතුකමක්... මට විශ්වාසයි මේ රජයෙන් මේ ඩෙංගු උවදුර තුරන් කරන්න ශක්තිය ලැබෙයි කියලා. අපි මේ වගේ මිනිස්සු ආරක්ෂා කර ගන්න ඕනෑ. අපේ රටේ සම්පත් මේ. මම නම් කියන්නේ මේවා අප්‍රසිද්ධියේම කරන්න ඕනෑ. මොකද වල කපන්න ඉන්න පිරිස වැඩි සල්ලි කුට්ටි වලට.
බැරි වෙලාවත් මේ අය වැන්දේ නැතිනම් කොහොමට හිටීවිද?
රටතුළ මදුරුවන් බෝ කරන මෙම පිරිසට විරුද්ධව අපි මහ අධිකරණයේ නඩු පවරාගන්න අනිවාර්යයෙන්ම...
සුපර්...!!