(මනෝප්රිය ගුණසේකර)
කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නිදහස් කරන ලදී.
අවභාවිතා කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික මුදල මේ වන විට හානිපූර්ණය කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අදහස් නැතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගනිමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට විරුද්ධ නඩුව පවත්වාගෙන නොයන බව දැනුම්දීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවෙන් නිදහස් කරනු ලැබීය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකි රාජරත්න (සභාපති), දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මණ්ඩල හමුවේ කැඳවන ලදී.
එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මෙලෙස නිදහස් කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ මව්පියන්ගේ සොහොන් ජනතා මුදල්වලින් හදනවනේ
මෙන්න තවත් නඩු තීන්දුවක්. "....අවභාවිතා කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික මුදල මේ වන විට හානිපූර්ණය කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අදහස් නැතැයි පැමිණිල්ල....." ලොක්කා ඇතුළු හොරු නිදහස්.
ඔහොම යන්කො
කිසියම් කෙනෙකු රුපියල් කෝටි ගණනක මුදලක් හොරකම් කොට,කාලයක් ගොස් එය හසුවුණ හොත්,එම මුදල නැවත ගෙනැවිත් දී,මේ නඩු තීන්දුවද වාසියට ගෙන,තමන් නිදහස් කරන්න යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළහොත්,නීතිය සැමට සාධාරණ විය යුතුයි කියන පදනම යටතේ,අනාගතයේදී කිසියම් හොරෙකුට සහනයක් ලැබෙන්නට පුළුවන් නේද ?
ඒ කියන්නේ මහජන මුදල් අවභාවිතා කරල තියන්නේ. කනගාටුයි රටේ නායකයා වත්මන් අධිකරණ ඇමති ගැන.
ඕකට වියදම් කරපු ආණ්ඩුවේ සල්ලි ආපසු ගෙවන්න කවුදෝ පොරොන්දු උනා නේද? අන්තිම සතේටම ගෙව්වද දන්නේ නෑ.
මේ අද කීවා කියලා හිතාගන්න.මීළඟට ආණ්ඩුවක් පත්වුන පසු ඒ ආණ්ඩුව කැමති වුනත් නැතත් හම්බන්තොට ගොවි ජනතාව ඔක විනාස කරනව
විනෝද සමය ඇරඹුනා පමණි. තව බොහෝ සුන්දර ජවනිකා ඉදිරියේ. බලාපොරොත්තුව අපට ඇතේ......
මාත් බැලුවෙ බැංකුවක් කඩන්න කියලා
‘‘හානි පූර්ණය‘‘ කොහොමද සිද්ද වුණේ? වැරැදි ආදර්ශයක්...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
පවුලේ අය වුණත් පරම්පරා කීයක් මේ කෙනා ගැන අනුස්මරණය කරයිද? දේශපාලන පක්ෂවලින් දිනලා පාර්ලිමේන්තු ගිය හැමෝම මැරුණාට පස්සේ... සිහි කරන්න තරම් සේවාවක් කළා නම් අපි ඉන්න රටේ ඇයි ණය උගුලක හිරවෙලා ඉන්නේ..?