



(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල් සහ නාගරික කොමසාරිස් වී. කේ. අනුර යන මහත්වරුන් පිළිරුවට මල්දමක් පැළඳ වූ අතර කථානායකවරයා ඇතුළු අමුත්තෝ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
ඩී. එස්. සේනානායක මහතාගේ ඥාතීන් වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd