
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය.
ටිල්වින් සිල්වා මහතා සාමාන්‍යයෙන් පක්ෂයේ මැයි දිනය,ඉල්මහ විරු සමරුව ආදී සුවිශේෂී රැලි වලදී කවියකින් තම දෙසුම අවසන් කරන්නේය.
කොළඹ විහාර මහා දේවී එළිමහල් රංග පීඨයේ පැවති ඉල්මහ විරු සමරුවේ දෙසුම ටිල්වින් සිල්වා මහතා අවසන් කළේ මෙසේය.
විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහි කත දෙරණ පුරා
ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා
මෙම කවිය සගයන් එකල අඳුරු පැයේ බිත්තියක ලියා තිබූවක් බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ඔය කවිය අර ඇමරිකාවට ගිහින් බදු සහන ගන්න දන ගහලා වැඳලා කරන සාකච්චාවලදී කියන්න. එයාලටත් ආස හිතෙයි.
ඔයාට චෝදනාවක් තියෙනවා නේද 87-89 කාලේ කැරැල්ල පටන් ගන්න කලින් දණ ගහලා ආයුධ බිම තියලා බාර වුණා කියලා...
බයිලා නම් බයිලා කියන්නේ ගොතලා අපේ ටිල්වින් ලොල්ලා අහන් ඉන්න ඔහෙලා...
ජයග්‍රහණය කරා පක්ෂය රැගෙන ගිය අධිෂ්ඨානශීලී මිනිසා. අපේ ආදරණීය ලොකු අයියා...
ලස්සන වචන, ඒත් අඳුරු පැයේ කියලා මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ. ජවිපෙ භීෂණයට තමයි ඒ කාලේ ආණ්ඩුව උත්තර දුන්නේ. බණ කියලා ත්‍රස්තවාදය මර්දනය කරන්න බැහැ.
අදුරු පැයේ මොකක ලියලා තිබ්බ එකක්ද?
තම පක්ෂයේ නිර්මාතෘවරයාව බොරැල්ලේ කනත්තේදී පණ පිටින් ඝාතනය කරපු කෙනත් ළඟ තියාගෙනද කිව්වේ...
අද ඉන්න සමහර නායකයින් තමයි එදා ගෝනි බිල්ලන් වෙලා ඒ විරුවන්ව පාවලා දුන්නේ. බොරු නම් අහන්න.
ඔව්වත් කාවිද? මෙව්වනේ කාවි... කුසට සාගිනි... හදට සෝ ගිනි... දැන් කාටවත් මතක නැහැ නේ. ඩිමෙන්ෂියාවද?