(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.
ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.
මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිබර් සම්බන්ධතා ඇති අයට මාසෙක බිල 3000/= වෙනව. ඉතින් ලාභ නොලබයිද? දුරකථන ගාස්තු වැඩියි. 1.75 වෙනව විනාඩියක්. කරුණාකරල ඒක අඩුගානෙ 1.25ටවත් අඩු කරන්න. ඒ වගේම ඉන්ටර්නෙට් ගාස්තුත් ඉතා වැඩියි. ඒක අඩු ගානෙ 25%කින්වත් අඩු කරන්න.
අනේ අපේ රටේ සල්ලි
ටෙලිකොම් ආයතනයේ ආදායම අනිවාර්යෙන්ම වැඩි්‍විය යුතුයි, අන්තර්ජාලය භාවිතාකරන රට වැසියන් බදු ගෙවන්නේ මෙගා බයිට් ගානට..! තමන්ට ලැබුණු කෝටි ගණන් උජාරුවෙන් ප්‍රකාශ කරත් තමන් රටට සපයන සේවය දියුණු කළ ආකාරය හෝ තම සේවාවේ ගුණාත්මක බව දියුණු කළ ආකාරය ගැන මේ ආයතන කවදාවත් වචනයක් කියන්නේ නැහැ..!
ලාබ නොලැබුවොත් තමයි පුදුමේ. මොකද අන්තර්ජාල මගින් පුදුම ගසාකෑමක්නේ කන්නේ...
අසීමිත ෆයිබර් සම්බන්ධතාවයක මාසික බිල ඉන්දියාවෙ විතරක් නෙමෙයි, ඇමරිකාවේ, ඉංගලන්තේ මිලටත් වඩා දෙතුන් ගුණයක් වැඩියි. කරුණාකර ස්ථාවර අන්තර්ජාල සේවා ලබාදීමට තවත් ආයතනවලට ඉඩ දෙන්න. නැත්නං මේ නාස්තිකාර ආයතනය හිතේ හැටියට මිනිස්සුන්ව හූරං කනවා.
මේ වසංගත කාල සීමාවේත් අසාධාරණ අය කිරීමක් කරන්නේ... මිනිසුන්ව ගසා කනවා. ඔන්ලයින් අධ්‍යාපනය ගැරීමක් බවට පත් කරගත් ආයතනයක්..
මොකද ලාබ ලබන්න බැරි? කොහොම ගැරිල්ලක් කරනවා කියලද?.
රුපියල් 100 කාඩ් එකෙන් විනාඩි 23... සූරා කනවා කලු කඩ වගේනේ...