(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන් සහ අකුණු සැර වලින් ආරක්ෂා කිරීමේ සංහෘත පරිපථයක අඩංගු තොරතුරු කිසිවක් හෙළි නොකරන ලෙස හෝ එම තොරතුරු උපයෝගී කිරීම වළකාලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර් .මරිකාර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද (21) අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නව නිපැයුම්කරු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම ලබන මාර්තු 08 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කෙරිණි.
නව නිපැයුම්කරුවෙකු වන ඒ.ඇම්.ටී.නිර්මල මහතා ගොනු කර තිබූ මෙම නඩුවේ වගඋත්තරකරු හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නම් කරනු ලැබ ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ඉංජිනේරු ඉගෙනුම් පසුබිමක් සහිත නව නිපැයුම්කරුවෙකි.ඔහුගේ නිර්මාණ දායකත්වය උපයෝගී කර ගෙන ‘‘ අකුණු වැළැක්වීම සහ අධි වෝල්ටීයතාවයෙන් උපකරණ ආරක්ෂා කර ගැනීමේ සංහෘත පරිපථයක් නිර්මාණය කළේය.
අනාගතයේදී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පරිපථය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඉදිරිපත් කළේය.ඊට පෙර පෙත්සම්කරු සහ ටෙලිකොම් ආයතනය අතර සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර ඔවුන් විසින් මෙම පරිපථයේ පටපතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
පෙත්සම්කරු මෙම පරිපථයට පේට්න්ට් අයිතිය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු රහස්‍යභාවයෙන් තබා ගන්නා ලෙසද වගඋත්තරකාර ආයතනයට දැනුම් දුන්නේය.
පරිපථය බාර දී සති හයක් ඉක්ම වුවත්ම එය රැගෙන යන ලෙස ටෙලිකොම් ආයතනය පෙත්සම්කරුට දැනුම් දුන්නේය.පෙත්සම්කරු වගඋත්තරකාර ආයතනයට ගොස් පරිපථය පරීක්ෂා කිරීමේදී එය විවෘත කොට පරීක්ෂා කර ඇති බව දැක ගන්නට ලැබී තිබේ.
පරිපථයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදු කර ඇති බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙම සංහෘත පරිපථයේ තොරතුරු අඩංගු වාණිජමය සංවේදී තෙරතුරු භාවිතා කිරීම හෝ හෙළි කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි මේ රටේ දක්ෂයෝ සහ හොඳ දේවල් ඉතුරු වෙන්නේ නැත්තේ. අර මනුස්සයා මහන්සි වෙලා හොයා ගත්ත දේ... අනිවා දෙන්න ඇති එයාලා දන්න අායතනයකට හෝ පුද්ගයෙකුට.
නිර්ලජ්ජිතයි මේ වැඩ. නීතියේ පිහිට පැතීම ඉතා බුද්ධිමත් හා විශිෂ්ට ක්‍රියාවක්. මේ තුළින් නව නිපැයුම්කරුවන් ආරක්ෂිතව හා බුද්ධිමය දේපල සඳහා නීතියේ රැකවරණය ඇති බව විශ්වාස කරාවි. මුදල් ගසා කනවාට අමතරව දැන් බුද්ධිමය දෙපලත් කොල්ලකනවා.
ඕකේ ලොක්කගේ හැටි දන්නවනේ! ලඟින් ගියොත් අැහැක් නැහැ. නිෂ්පාදකයාට තිබුනේ ඔය උපකරණය විදේශයක පේටන්ට් කරන්න උදව් ලබා ගැනීමයි. මෙහෙ බැලු බැලු අතේ ඉන්නේ හොරු!
වාණිජ අධිකරණය වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය... මේ වගේ සුපිරි මොලකාරයෙකුට ටෙලිකොමා සලකපු විධිහ නම් ඉතා නින්දිතයි. අපගේ ශාස්ත්‍රීය සංගීතය විකෘති කොට වටිනා ගායක ගායිකාවන්ගේ උසස් ගීත භක්ෂණය කොට වෙනස් ආකාරයකින් විකෘතිකොට තමන්ගේ ගීත මෙන් බෙරිහන්දෙන රස්තියාදුකාර සමහර ඝෝෂකයින් මට්ටුකර එම ගීත නිර්මාණ ජාතියට ආරක්ෂා කරදීමට බුද්ධිමතුන් හට මේ ආකාරයෙන්ම නුවණ පහළවේවා !!!
කවුද ටෙලිකොම් එකේ සභාපති කියමු බලන්න. ඔහුට තනතුරට අදාල සුදුසුකම් නැත්නම්, අනිකුත් සියලු ටෙලිකොම් විධායකයින්ට සුදුසුකම් නැති බව තමයි මේ වගේ පහත් වැඩ කළාම අපට තේරෙන්නේ..
හැම තැනම ඔහොම තමයි. දැන් ඉතින් තව තැනකින් මේක මතුවෙයි ' "යුරේකා" කියල. විමලෙ කලෙත් මේ වගේම වැඩක් තමයි. අධිකරණය නම් නියමයි දැන්.