ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමය රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට යොමු කෙරුණු නමුත් රුසියන් ජනාධිපති පුටින් ඊට කැමැත්තක් දැක්වූයේ නැත.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මෙම දුරකතන කතාබහ පැය 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත් වුණු බව ධවල මන්දිරයත්, ක්‍රෙම්ලීනයත් තහවුරු කර ඇත.
දින 30 ක සටන් විරාමයට අකමැති වුවත්, යුක්රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින් රුසියන් හමුදාවට දැනුම් දුන් බව පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් ඇමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇත.
දින 30 සටන් විරාමයට පුටින් අකමැත්ත පළ කළ කිරීමෙන් පෙනී යන්නේ, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීම කෙරෙහි පුටින්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව පෙනී යන්නේ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත