
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා නෙදන්යාහුය.
පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදය සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඇති අර්බුදය රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බදුන් විය.
පලස්තීනුවන්ට ජෝර්දානයේ වෙනම ඉඩම් ලබා දීමට ට්‍රම්ප් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.
මේ වනවිට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය සාර්ථක කර ගැනීම සිදුවූයේ තම මැදිහත් වීම නිසා යැයි ට්‍රම්ප් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු නොවේදැයි ධවල මන්දිරයට පැමිණ සිටි එක් මාධ්‍යවේදියකු ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ 'ඔව්, මට නොබෙල් සාම තෑග්ග හිමිවිය යුතුයි. ඒත් මම දන්නවා මට ඒක දෙන්නේ නැහැ' යනුවෙනි.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
ජගත් ලියනගේ Wednesday, 05 February 2025 08:27 AM
අනෙක් රටවල් වල පාලනයන්ට ඇගිලි ගහන්නේ නැතුව හිටියොත් ට්‍රමිප් මහත්තයට නෝබේල් ත්‍යාගය ලැබීමට සුදුස්සෙක් වේවි.
Bishan Wednesday, 05 February 2025 01:23 PM
මස් වැද්දෝ දෙදෙනෙකු හමු වූ අවස්ථාවක්