
(රංජන් කස්තුරි)
ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
දින 180කට පමණක් සීමා කරමින් ණයවර ලිපි නිකුත් කිරීම ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටීම වළකාලීම සඳහා සෙරමික් නිෂ්පාදන යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
විදේශ විනිමය ආරක්ෂාකර ගැනීම සඳහා සෙරමික් භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම තහනම් කළ බව ද ඇමැතිවරයා පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත කඩවෙන නිසා නොවේ පළාත් සභා කන්නවෙන නිසා...
ටයිල් විතරක් නෙමෙයි... මෝටර් රථ අමතර කොටස් නොගෙන්වීම නිසා රටේ හරි ප්‍රශ්න... අද FZ මෝටර් සයිකල් ඉස්සරහ ටයර් එක බොහොම අමාරුවෙන් කොළඹින් ගෙන්වා ගත්තා. රු.13,500 යි. කලින් තිබුණේ හයදහස් ගානයි. දැන් මේ ගාන. එ්කත් ඔරිජිනල් නෙමෙයි.