IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ටින්කර්‘ ගුවන්තොටේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

ඩුබායි හි සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නැමැත්තා අද(01 )  ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

36 හැවිරිදි ටින්කර් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ ප්‍රධානතම අනුගාමිකයෙකි .

ටින්කර් අද  අලුයම 12.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත සුසාන භූමිය අසළ දී ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෑලියගොඩ පොලිස් වසමේ 2025.08.19 දින සිදු කළ වෙඩි තැබීමක් සදහා යොදා ගත් ගිනි අවි සැපයීම සිදු කර එදිනම ඩුබායි බලා මෙරටින් පළා ගොස් තිබූ අතර මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් ටින්කර් අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් වෙත භාර දී ඇති අතර මොහු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 

 

 

 

 

 

 

 



අදහස් (2)

‘ටින්කර්‘ ගුවන්තොටේදී අල්ලයි

maalaka Wednesday, 01 October 2025 09:43 AM

හොඳ අවධානයෙන් සිටිය නිලධාරීන්ට ස්තුතියි.

:       1       18

කව්ද බෝයි Wednesday, 01 October 2025 02:09 PM

එතකොට "පේන්ටර්" ?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site