
(සුජිත් හේවාජුලිගේ)
ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත
2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්වේ
ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480ක් විය යුතු බව එම අධිකාරිය පවසයි.
ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්වේ
මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලේ මාළු මිල ගොඩක් අඩුයි, කවුරුවත් ටින් මාළු ගන්නේ නැහැ, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි. මේවා තේරුමක් නැති වැඩ...
ස්තුතියි... රජයට
එතකොට එක එක බොරු ලේබලය යටතේ වැඩි මිලට විකුණන කීරි සම්බා... කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලඳ සැලක රු310/= මිලට සූදුරු කීරි නමකට කීරි සම්බා විකුණනවා.
කළුකඩකාරයෝ බංකොළොත් කරන්න එකම ක්‍රමයක් ගන්න එපා... ඒක මාසයක් කරලා බලන්න.