(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උද්ඝෝෂණ පිටුපස ඇති ජනතා විමුක්ති පෙරමුණේ යටි අරමුණුවලට එරෙහිව සටන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව තමා දෙවෙනි වතාවටත් ප්‍රකාශ කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය පිළිබඳව විවාදයේදීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
"අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ කතාවලට අහුවෙන මෝඩයො මේ රටේ ඇති. ඔය කතාවලට අහුවෙලා එදා රට ගෙන ගිය තැන අපි දැක්කනෙ. අසූඅට අසූනවය කාලයේ ඔබතුමාලා වැඩ කළේ ව්‍යවස්ථාවෙන් පිට .ඔබල අදත් කරන්නේ ඒක.
කැබිනට් එක ඉල්ලා අස්වුණේ ඔක්කොම එකතුවෙලා වැඩකරන්න පුළුවන් කියලා හිතපු නිසයි. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අපි ඉල්ලා අස් වුණේ. අපි කැමැත්තෙන් ඉල්ලා අස් වුණේ නෑ. මේ රජය කොවිඩ් එකට සාර්ථකව මුහුණ දුන්නා.
තමුන්නාන්සේලාට ඕන අර්බුදය. තමුන්නාන්සේලාට ඕන විනාශය. ලේ දකින්නත් ඕන වෙලා. තෙල් පෝලිම් දකිනකොට ඔබතුමාට සතුටුයි. ඔයාලට ඕන විශ්වවිද්‍යාල පාසල් ටික වහන්න. අසූ අට අසූ නවය කාලේ කළෙත් ඔය දේමයි. ඒක තමයි ඔයාලගේ තුවක්කු සංස්කෘතිය. කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ඇතුළෙ ඉන්න.
සංචාරකයෝ එන්න හදනකොට තමුන්නාන්සේලා සම්පූර්ණයෙන්ම රට ගිනි තිබ්බා. ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒකට සූදානම් නැහැ. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පරමාධිපත්‍යය රකිනවා. කාටත් දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕන. මේ රටේ තරුණයෝ ටික පාරට ඇද දාලා මරන්න එපා. මේ හදන්නෙ මරන්න. ඔයාලා හදන්නේ භීෂණයෙන් බලයට එන්නයි.
මිනීමරන යුගයට මේ රට ගෙනියන්න එපා. මේ රටේ අහිංසක දරුවන් කී දෙනෙක් එදා මැරුණද. අනුර දිසානායක මහත්තයෝ ඔය වැඩේ කරන්න එපා. අපි කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්න විසඳා ගනිමු.
ලක්ෂ හැට නවයක ඡන්ද අරගෙන ආපු ජනාධිපතිතුමාට ගෙදර යන්න කියනවා නම් ඒක හරිද. ඔබල ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකො මූ ඊයෙ පෙරෙද හෙන සීන් දෑම්මනෙ, අපිට හූ කිව්වොත් ගහන්න අවොත් බලා ගමු කියලා. දෑන් "අනුර දිසානායක මහත්තයෝ ඔය වැඩේ කරන්න එපා. අපි කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්න විසඳා ගනිමු." කෝ සින්හ නාද උම්බෙ දෑන්. ඈන්දගනින් ගෑනු ජන්ගියක්
යට් අරමුනු අපිට කියල දුන්න නම් දැනගන්න ඔහේ වගේ උගත් බුද්ධිමතකුගෙන්
උඹලගෙ අරමුණ අනුව රට හොඳ තැනක තියෙනවද? නිකං යනව බුරන්නෙ නැතිව, කට උදැල්ලෙන් කපල වගේ තිබුනට නිකං දොඩවන්න එපා. වෙනදේ බලාගමු ඉදිරියට.
පෝළිම් බලල සතුටු වෙන්න අවස්ථාව සලස්වල දුන්නේ තොපිලමනේ.. උබ ඔය කියන හැටනව ලක්ෂයම තමයි මෝඩයෝ අද පාරෙ ඉස්සරහින්ම ඉන්නෙ. නැතුව JVP එක නෙවෙයො නරියෝ. මූ අපිව ගොබ්බයෝ කියල හිතාගෙන ඉන්නෙ.
මහවැලියේ දවසේ කුලියට කානු කපපු ගොයියා ජනාධිපති වෙන්න දඟලනවා