
(අංජුල මහික වීරරත්න)
ජීවන වියදම සියයට 200කින් වැඩි වී ඇති හෙයින් මෙවර අයවැයෙන් ජනතාවගේ පඩි වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (13) පැවසීය.
රටේ ජනතාවට ජීවත්වන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර අහිංසක ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා බව කී විජයවර්ධන මහතා ආණ්ඩුවට කිරිපිටි, හාල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවා පාලනය කරන්නට නොහැකි වී තිබෙන බව කීය.
එක පැත්තකින් ජනතාව උද්ඝෝෂණය කරන අතර අනෙක් පැත්තෙන් ගුරුවරුන් සහ ගොවීන් උද්ඝෝෂණය කරන බවත් එම ප්‍රශ්න වලට වගකිය යුත්තේ ආණ්ඩුව බවත් විජයවර්ධන මහතා කීය.
ආණ්ඩුව කොරෝනා පැත්තට මෙම ප්‍රශ්න බැර කරන්නට හැදුවත් ප්‍රශ්න නිර්මාණය වීමට ඇත්ත හේතුව ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නැති වීම බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඟීම් දැනීම් තියෙන ආණ්ඩුවකට ඕන ඔහොම දෙයක් කියන්න...
ජීවන වියදමට පිළියම පඩි වැඩි කිරීම නම් මෙච්චර කල් ප්‍රශ්න තියෙන්න බැහැ. 1990 රු. 2000 පඩි ගත්තු අයගේ අද පඩිය 75000ක් විතර. වැඩක් වෙලා තිබෙනවද? නියම පිළිතුර නිසි ආර්ථික කලමණාකරණය සහ දේශිය නිෂ්පාදනය ඉහළ දැමීම... නිකං විකාර දොඩවන්න එපා. බල ලෝභය විතරයි...
ඡන්දෙ ගන්න බලාගෙන එකපාරටම රු. 10000 දීලා තමයි පටන්ගත්තේ.
රජයේ සේවකයෝ විතරද රටේ ඉන්නේ. වැඩි පඩි ගෙවන්න සල්ලි හොයන්න ගහන බදු ගෙවන්න ඕනේ එදාවේල කන මිනිස්සු. සතයක් පඩි වැඩි කරන්න එපා.
මේ ගොල්ලොත් පඩි වැඩිකර ගන්න ගහන ගැටයක් මේක බලමු ජෙප්පෝ මොකද කියන්නේ කියලා.