IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ජේලර්ට අල්ලස් දී බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනියලා

(සුමිත් පොතුපිටිය) 

ජේලර් වරයෙකුට රුපියල් 35,000 ක් අල්ලසක් ලෙස ලබාදී බන්ධනාගාර ගතව සිටින සොහොයුරාට අයිස්, හෙරෝයින් සහ  ජංගම දුරකථනයක් ලබාදීමට පැමිණි බව කියන කාන්තාවක භාරයට ගෙන කළුතර උතුර පොලිසියට භාරදුන් බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

මෙසේ භාරදී ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක බව සදහන් වේ.

සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 17 කට ආසන්න ප්‍රමාණයක් , ජංගම දුරකථනයක්, බැටරි දෙකක් සමග භාරයට ගෙන තිබේ.

සැකකාර කාන්තාවක ජේලර් වරයෙකු සමග දුරකථනය ඔස්සේ  සම්බන්දවී, බන්ධනාගාර ගතව සිටින රැදවියාට මත්ද්‍රව්‍ය , ජංගම දුරකථනය සහ සිම්පත් දෙකක් ලබාදීම සදහා ජේලර් වරයාට  රුපියල් 35,000 ක මුදලක් ඉල්ලා ඇති බවට සැකකාරියගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට සැකකාර ජේලර් වරයා සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදුකරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

 

 



අදහස් (0)

ජේලර්ට අල්ලස් දී බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1561 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site