(රන්ජන් කස්තුරි)
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයනට වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කියයි.
නව වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මාසයේ සිට ලැබිය යුතු වුවද එය ලබාදීමට පරිපාලනය කටයුතු නොකරන බව ද ජලසම්පාදන වෘත්තිය සමිති ඒකබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා කීය.
පසුගිය වාරයේ ලැබිය යුතුව තිබෙන සියයට දෙකක හිඟ වැටුප් වැඩිවීමක් ලබාගැනීම වැටුප් වැඩිවන තෙක් වත්මන් වැටුපෙන් සියයට 5ක අත්තිකාරමක් ලබා ගැනීම වැටුප් විෂමතා ගැටළුව විසඳා ගැනීම සේවා ව්‍යාවස්ථාවේ අසාධාරණය ඉවත් කිරීම ඇතුළු ඉල්ලුම් කිහිපයක් මුල්කර ගනිමින් එම වෘත්තිය ක්‍රියාමර්ගය ගන්නා බව ද උපාලි රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ පුරාම කොවිඩ් හැදිලා රටම නැතිබන්ගස්ඨාන වෙලා ඉද්දි මුන්ට පඩි වැඩි කරන්න ලු . රස්සාව තියෙන එකටයි , හැම මාසෙම පඩිය ලැබෙන එකටයි සතුටු වෙයවූ.