(තිළිණි ද සිල්වා)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 13 මාර්ගයක් ඉදිකිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (29) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
ඊට අමතරව ජල ගැලුම් නිම්න උද්‍යානය සහ සෝමාවතී ජාතික වන උද්‍යාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ද නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර , වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහත්වරුන් ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ. පෙත්සම්කාර ආයතනය පාරිසරික ගැටලු පිළිබදව උනන්දුවක් දක්වන ආයතනයකි.ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ පිහිටි එකම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයද මෙය වේ.
මෙම උද්‍යානය 1984 අගෝස්තු 07 වැනිදා ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශ්‍යට පත් කෙරිණි.මෙම ජාතික උද්‍යානය ජෛව විවිධත්වයෙන් අනූනවේ.
මේ අතර මෙම ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 13 ක පාරක් සකස් කිරීමට සැලසුම් කරන බව පෙත්සම්කාර ආයතනයට දැන ගන්නට ලැබිණි.මී අමතරව මෙම උද්‍යානය අවට ප්‍රදේශවාසීන් ගෙන් විවිධාකාර හිරිහැරයන්ට ලක්වීමද සිදුවේ.තවද වී ගොවිතැන ද නීතිවිරෝධීව සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව ගැන නම් මට දැන්ම හිතාගන්න පුළුවන්.
පාරිසරික යුක්ති කේන්ද්‍රෙය් අය පව්. අඩුගානේ රටේ ඉන්න අයට මොලයක් නැහැ.. මේ අයට සහයෝගය දීලා තමන්ගේ පරිසරය බේරා ගන්න.
මේක පුදුම වැඩක් වෙලානේ. කැලයක් දකින්න බෑ... ඒක මැදින් කපනවා පාරක් හදනවා. සංවර්ධනය කියන්නේ එකක්... තිරසාර සංවර්ධනය කියන්නේ තවත් එකක්.