
(යොහාන් භාසුර)
ජර්මානු ආරක්ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් මහතා නාවික හමුදා මූලස්ථානයේදී අද (05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
කපිතාන් ජෙරල්ඩ් කෝච්, ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිල වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව්, ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ, සංවර්ධන සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක, ධරිනි දළුවත්ත මහත්මිය සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd