(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව 416677ක් ලබාගන්නා බවත් මෙම පිරිස අතුරින් 238640 ක් සඳහා දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රුපියල් 500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ආණ්ඩුව අපට රිදවන කතා මොකද මම වයස 70 ඉදල 74 වෙනතුරාම ජනපතිලට අගමැතිලට දුක කීවා.අදත් මට තාම ලබාදුන්නෙ නැහැ.2015 ජනපතිවරණයට පෙර මමමයි මෙම යෝජනාව එතුමන්ලාට ඉදිරිපත් කලේ අයවැය යොජනාවක් ලෙස මට එවපු උත්තර ලිපිය තාම තියනවා.අපි කවුරැත් ඡන්ද දුන්නෙ 2000 ගන්නමයි.පලාත් ඡන්දෙ උත්තර දේවි බොරැවට
මම නම් පෞද්ගලිකව ජනතාවට නොමිලේ මුදල් සහ භාණ්ඩ ලබා දීමට විරුද්ධයි. එක් එක් අයට තම ශක්ති පමණින් ස්වාධීනව නැගී සිටිය හැකි ක්‍රමයක් සාදන්න. එක් එක් පළාත් තුළ සංවර්ධනය කළ හැකි ස්වයං රැකියා අවස්ථා මොනවා දැයි හදුනා ගෙන ස්වයං රැකියාවක් සඳහා ජනතාව යොමු කර ඔවුන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට සක්‍රීයව ලබා ගන්න. ජනසවිය වේවා සමෘද්ධිය වේවා කුමන නමකින් හෝ නොමිලේ ලබාදෙන භාණ්ඩ ක්‍රමයෙන් නවතා දමන්න. කලාපයේ බොහෝ රටවල් සීඝ්‍ර දියුණුවක් ලබද්දී අප දිනෙන් දිනම වලපල්ලට යන එක හේතුවක් තමයි මේක.
ඔය කතන්දර සේරම පළාත් සභා ඡන්දෙන් පස්සේ අමතක වෙලා යනවා.