ඉංග්‍රීසි භාෂාව භාවිත නොකරන විදේශීය සංචාරකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා, එම භාෂා සිය මව් බසට පරිවර්තනය කර දෙන නව උපාංගයක් ජපානය හඳුන්වා දී තිබේ.
මෙම උපාංගය MUAMA Enence ලෙස නම් කර ඇත.
චීන, ප්‍රංශ, අරාබි, ඉතාලි, කොරියානු, ග්‍රීක, හින්දි ආදී භාෂා 40ක ප්‍රමාණයක් මෙයින් සන්නිවේදනය කළ හැකිය.
දැනට ජපානයේ පාසල්වලදී විවිධ භාෂා ඉගෙනුම් කටයුතු සඳහා භාවිත වන බව පැවසේ.
එම උපාංගය ක්‍රියාත්මක කර පළමුව තම මව් භාෂාවෙන් යමක් පැවසිය හැකි අතර මෙම උපාංගය ඔබට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කර පවසයි. පසුව ඔබ හා සන්නිවේදනය කරන විදේශිකයා පවසන දෙය එය පටිගත කරන අතර එහි පරිවර්තනය ද ලබාදෙයි.
(16844)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිර්මානය කල අයට අපගේ උපහාරය, මේක නිර්මානය කරන්න නැකත හැදුවෙ ලංකාවෙ ගුරුන්නාන්සෙ කෙනෙක්
මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ දෙකකට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ App එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා App එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.
මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ 2කට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ ඇප් එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා ඇප් එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.
ඕනෑතරම් ඇප් තියෙන්නේ ඔය වැඩේට..