විනීතා එම් ගමගේ
ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී ලංකාවට ද අදාළ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ලබන වසරේ අපේ‍්‍රල් මස සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු කාණ්ඩය සදහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතු බවත් ඔවුන් සඳහා වසර 5ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සදහා මෙය වලංගු නොවන බවත් ජපාන රජය දන්වා ඇතැයි ඔහු කියා සිටියේය.
එසේම වසර 5ක විසා කාලයක් හිමිවන එම ශ්‍රමිකයින්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර ඔවුන් සදහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලබන බවද එම නිලධාරියා කීය.
කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍ර උපකරණ, ආගන්තුක සත්කාරය, ආහාර සේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා, විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා කේෂ්ත්‍ර සඳහා රජය විසින් ලබාදෙනු ලබන මෙම නේවාසික පහසුකම් හිමිවේ.
දෙවැනි කාණ්ඩය සදහා ජපානයේ රැදී සිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරෙන බව ජපාන රජය දන්වා ඇතැයි පැවසු එම නිලධාරියා ඔවුන් සදහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්හට ද ජපානයේ රැඳී සිටිමේ අවස්ථාව හිමිවේ.
මේ අවස්ථාව හිමිවන්නේ ඉහළ මට්ටමේ වෘත්තියවේදින් සඳහා විය හැකි යැයි ද ඒ පිළිබඳව මෙතෙක් දන්වා නැතැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් නොයෙකුත් රටවල ආගමන විගමන ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සමඟ ජපානයට පැමිණෙන ශ්‍රමිකයින් සදහා වසරකට වරක් මෙම වීසා බලපත්‍ර පිළිබදව සමාලෝචනයක් සිදුකරන අතර, බරපතල සිදුවීම් වාර්තා වුවහොත් වීසා බලපත්‍ර අවලංගු කිරීමට ජපන් රජය කටයුතු කරනු ලබන බව ද දන්වා ඇතැයි ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලංකාව ගැන ජපානය අවධානයෙන්" මෙහෙම වුනාම ඕව අපේ රටට හම්බ වෙයිද.
එක එක රටවල දක්ෂයින් බිළිබා ගැනීමට ලබාදෙන දොලපිදිම් වල අර්ථය වන්නෙ, සංවර්ධනය වන රටවලින් බුද්ධිය සොරාගැනීමට බලවත් රටවල් කටයුතු කරන ආකාරයයි .
දැන් නම් මේකේ ඉඳලා කිසිම සුගතියක් නැහැ. පුළුවන් අය හැකි ඉක්මණින් යන්න...
වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ ඉන්නේ උග්‍ර දේශප්‍රේමියෝ, පක්ෂ දෙක තුනට බෙදිලා රජුන් තනන්න මහන්සි වෙනවා. දේශපාලකයන්ට බලයට එන්න දිවි නහගෙන උදව්කරන ජනතාව කවදාවත් මේ රට දාලා ජපානෙට යන එකක් නැහැ. ඔය අවස්ථාව වෙන රටකට ලබා දෙන්න..
"පාර්ලිමේන්තුව විසුරුවීම ඇතුලු සිදුවන දේශපාලන සිද්ධිදාමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු හැටියට තමන් සමීප නිරීක්ෂණයක සිටින බව ජපානය පවසයි" ජපානය මොන පැත්ත ගනීවිද?
ඇත්තටම හොඳ දෙයක්... කුමන හෝ ශ්‍රී ලංකා රජයකින් ඉල්ලීමකින් හෝ මෙය සිදුවුණොත් හෝ කරගතහොත් එය අප ලබන ජයක්.. ශ්‍රී ලංකාවට ජය වේවා!!! බුදු සරණයි.
ගොඩක් හොඳයි...
හොඳ අදහසක් වගේම, හොඳ අනාගතයක්... අපි වගේ තරුණ පරම්පරාවට හැකියාව තියන තරුණ කට්ටියට නව අනාගතයක්..
ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක මිනිසුන්ට මෙවැනි අවස්ථාවක් දීම ඉතා අගය කොට දක්වමි. එහෙත් වෘත්තීය හැකියාව ඇති බොහොමයකට ජපන් භාෂාව නොහැකිය, ඔවුන්ගේ අත්දැකීම බහුලය.
ගොඩක් හොඳයි. මෙයට අපි ඉල්ලුම් කරන්නේ කෙසේද?
ජපන් රැකියා අවස්ථාවක් ලබාගැනීමට අපේක්ෂා කරමි.
ජපන් භාෂාව ඉගෙන ගැනිමට හා එම රටේ රැකියාවක් කිරිමට කැමතියි. ජපානයට යාමට හැකි මාර්ගය කෙසෙද? උදව් කරන්න
හොඳයි මමත් යන්න තොරතුරු ඕනේ තවත්
මගේ පුතා උසස් පෙළ පෙනි සිටියා. S 2යි. ජපානයේ රැකියාවක් සදහා යාමට අදහස් කරනවා. වාහන සහතික පත්‍ර මට්ටමේ පාඨමාලා එකක් කරලා තිබෙනවා. කොහොමද අයදුම් කරන්නේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය කොහොමද
මේ ලිපියේ සදහන් දෙවන කාණ්ඩය හැක් ඉක්මනින් ලබාදෙන්න සහ සපුරාලිය යුතු සුදුසුකම් ලබාදෙන්නේනම් මැනවි.
ඉල්ලුම් කළයුතු ආකාරය කෙසේද? , රැකියා සුදුසුකම් මොනවාද? තොරතුරු ලබා දෙන්න.
ජපන් පාඨමාලාව කරන්න බලන කොලිෆිකේෂන්ස් මොනවාද? සා/පෙළ, උ/පෙළ මොනවද බලන්නේ?