
(තිළිණි ද සිල්වා)
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.
ඒ අනුව මෙම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමෙරිකා රජය සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද තානාපති ආර්යසිංහ මහතා පවසයි.
ඇමෙරිකාව තුළ අවසර ලත් එන්නත් බෙදාහදා ගන්නා බවට ඇමෙරිකා රජය ඉකුත් 17 වැනිදා නිවේදනය කිරීමෙන් පසුව, හ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙලෙස මැදිහත්වී කටයුතු කරන බවද හෙතෙම කීය.
මෙම එන්නත් මිලදී ගැනීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඉන්දියාවේ තිබෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කලාපීය කළමනාකරු අතර සාකච්ඡා සඳහා පහසුකම් සපයා ඇතැයි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ සහ රාජපක්ෂ කියලා එකක් නැද්ද?
යුරෝපයේ රටවල් සහ කැනඩාව...
හැමදාම උත්සාහ කරනවා විතරයි... ගන්න පාටක් නම් නැහැ .
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.. ඕක ජාත්‍යන්තර ගේමක්. හොඳ ඉල්ලම බටහිර රටවල්වලට සහ වැක්සීන් ආයතනවලට.. ඩොලර් 05ට අරන් ඩොලර් 10ට දෙන නියම ගරිල්ලා දේශපාලුවන්. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.
මෑත කාලයේ සිටි තානාපතිවරු අතරින් ඇමෙරිකාවේ ලාංකික ජනතාව සමඟ සමීප වී ඔවුන්ගෙන් ලංකාවට උදව් ලබාගැනීමට ඉදිරිපත්වීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත විය යුතූයි.