( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයේ සිටියදී ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කරන තිබෙන ප්රතිශෝධන පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා ගේ නීතීඥවරයා පැවසීය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවාදායකයා දවස් 33 කට ආසන්න කාලයක් නිරපරාදේ රිමාන්ඩ් බාරයට පත්වූ හෙයින් ඊට සාධාරණ විසදුම් ලබා ගැනීම වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරියට පත්වා ගෙන යන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ නීතීඥවරයා වැඩිදුරටත් කීය.
සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව ඊයේ (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී අධිකරණයෙන් නියෝග කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට වඩා අද සමහර කළු සල්ලි කාරයො ප්‍රභලයි ඒකෙන් වෙන්නෙ නීතිගරුක පුදගලයන් පවා අසරණ වීමයි. ඊයේ නඩු තීන්දුවෙන් පස්සෙ ඒකනෙ ජොන්ස්ටන් ෆ්සීඅයිඩියට තර්ජනයක් දැම්මෙ අපි ආවහම බලාගනිමු කියල. මිනිමරුවන්ට. හොරුන්ට. මූල්‍ය අපරාධවලට තදින් ඉන්නව කියපු අය වෙන බොරුවලින් ගේම ගහද්දි නීතිය බල්ලට ගිහින්..
නඩු විභාග වලදී සාක්කි වල විශ්වාසනීයත්වය 100% නොතිබුනොත් විත්තිකරුට එහි වාසිය ලබාදී නිදොස් කොට නිදහස් කරන්න සිදු වෙනවා . චෝදනා ඔප්පු වනතුරු විත්තිකරු නිවැරදි කරු ලෙස සලකනවා වාගේම, නිදොස් කොට නිදහස් කල පමණින් විත්තිකරු කිසිම වරදක් නොකළ නිර්දෝෂී පුද්ගලෙකු ලෙස සැලකිය යුතු නැහැ. චෝදනා ගොනු කිරීමේදී , සාක්කි ඉදිරිපත් කිරීමේදී, සාක්කි බිඳ හෙලීමේදී සිදු වූ අතපසුවීම්, තාක්ෂණික දෝෂ ආදිය නිවැරදි කර ඇපෑලක් මගින් නැවත නඩු විභාගයක් පවත්වා වරදකරු හෝ නිවැරදිකරු බව සහසුද්දයෙන්ම තෝරා ගන්න පුළුවන්. මුළු ලංකාවේම අවධානය දිනා ගත් මෙවැනි ප්‍රසිද්ධ නඩුවක තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කිරීමේදී, එම ඇපෑලේ සාර්ථකත්වය ගැන 99% ක වත් විශ්වාසයක් නැතුව නීතිපතිතුමා ඇපෑලක් ඉදිරිපත් කරන්නේ නැති බවත් විශ්වාසයි...
මෙහි වගකීම සම්පුර්ණයෙන් නීතිපතිවරයා භාර ගතයුතුයී. නඩුවක් පවත්වාගෙන යන්න තරම් කරුණු නැත්නම් නඩු නොපැවරිය යුතුයි.නඩු පවරනවා නම් එම නඩුව නිසිලෙස පවත්වාගෙන යායුතුයී. විත්තියේ සාක්ෂි නොකැදවාම පැමිණිල්ල ඉවතට දාන තරමට දුර්වල හා අනුචිත ආකාරයට නිතිපතිවරයා විසින් පැමිණිල්ල මෙහෙයවු බවයි පෙනෙන්නේ.
මෙහි වගකීම සම්පුර්ණයෙන් නීතිපතිවරයා භාර ගතයුතුයී. නඩුවක් පවත්වාගෙන යන්න තරම් කරුණු නැත්නම් නඩු නොපැවරිය යුතුයි. නඩු පවරනවා නම් එම නඩුව නිසිලෙස පවත්වාගෙන යා යුතුයි. විත්තියේ සාක්ෂි නොකැදවාම පැමිණිල්ල ඉවතට දාන තරමට දුර්වල හා අනුචිත ආකාරයට නිතිපතිවරයා විසින් පැමිණිල්ල මෙහෙයවු බවයි පෙනෙන්නේ.
එයා බලාගන්නම් කියල කිව්වේ ආපහු කුරුණෑගල අය ඡන්දෙ දුන්නොත් නේ.
දූෂිතයින්ට එරෙහිව කෙරුණු විමර්ශන ලිපි ගොනු බොහොමයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යද්දී ඒවායේ කොටස් අතුරුදන් වී ඇති බවත් බොහෝ සාක්ෂි සටහන්වල මුල සහ අග පමණක් ඉතිරි වී ඇති අතර මැද කොටස් හැළී ඇති බවත් කියයි. සාක්ෂි සටහන්වල බරපතළ අඩුපාඩු තිබියදී අධිකරණය ඉදිරියේ යමකු වැරදිකරුවකු බව ඔප්පු කිරීමේ හැකියාවක් නැත. දැන් සිදුවෙමින් ඇත්තේ වැරදිකරුවන් තමන් නිවැරදිකරුවන් බවට උසාවියෙන් චරිත සහතිකත් ලබාගෙන නිදහස්ව යාමකි. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වැනි ආයතන පිහිටුවා වත්මන් රජය කළේ හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ. මන්දයත් ඒවායේ ක්‍රියාකාරීත්වය කන්දක් විළිලා මී පැටවකු වැදීමක් හා සමාන වී ඇති බැවිනි. මැති ඇමතිවරුන් කෝටිපතියන් වූ ආකාරය,රජයේ බලවතුන් රාජ්‍ය දේපළ අවභාවිතා ආකාරය, මිනිසුන් මරාදැමු සහ අතුරුදන් කෙරුනු ආකාරය රහසක් නොවේ. එහෙත් දැන් ඒවාට චෝදනා ලැබූවන් ශුද්ධවන්තයින් වීමටත් ඒ අපරාධ සඳහා වගකිවයුත්තකු නොමැති තත්වයට පත්වීමටත් පටන් ගෙන ඇත. දූෂිතයින් සහ භීෂකයින් තමන්ගේ පව් සෝදා ගැනීම සඳහා අධිකරණය පත් කරගෙන ඇත.
නිදොස්කොට නිදහස් කල අයෙකුට නැවත ඇපෑලක් දාන්න පුළුවන් ද ...?
මේ මඟින් නීතිපතිවරයාට රජය මගින් දෙන පීඩනය පේනවා. නිදොස්කොට නිදහස්කළ පමණින්ම ඇපෑලක් ගොනු කරන්නේ කාගේ බලපෑමෙන්ද? උත්සාහය කෙසේ හෝ කරකවා ඇතුළට යැවීමයි. කෝ රාජිත මහතාගේ දුෂණ චෝදනා වලට නඩු?
කොච්චර ලොකු හොරකමක් කෙරුවත් එක උසාවියෙන් ඔප්පු වුනේ නැත් නම් හොරකම කැන්සල් වෙනවද? එහෙමනම් ඉතින් "අදින්නා දානා.." කියන සිල් පදයත් සංසෝධනය කරන්න වෙයි නේද?
මෙතන තියෙන්නේ පැමිණිලි පක්ෂයේ තියෙන දුර්වලතාවන්. නීතියේ රාමුවෙන් පිට තීන්දු දෙන්න විනිසුරුවරුන්ට බැහැ. එබැවින් සාක්ෂි සහ තොරතුරු නීතියට ගැලපෙන ආකාරයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය වගබලාගත යුතුයි. එසේ නොවුනවිට වාසිය සිදුවන්නේ විත්ති පාර්ශවයටයි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට හිස නැමිය යුතුයි. නඩු තීන්දුව ගැන පැමිණිලි පාර්ශවය සෑහීමකට පත්වන්නේ නැතිනම්. ඊට ඉහළ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට පැමිණිලි පාර්ශවයට පුළුවන.