(ඩයනා උදයංගනී)
ජිනීවා බලපෑමට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට ඊට යට නොවී තනිව කටයුතු කරගැනීමේ හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉන්දීය සාගර බල අරගලයේ ගොදුරක් වන්නේ නැතැයිද හෙතෙම කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාතර පිටබැද්දරදී අද (27) පැවති 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට එක්වෙමිනි.
පසුගිය රජය ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය නැති කර දැමූ බව කී ජනාධිපතිවරයා වත්මන් රජය ඒ සමඅනුග්‍රහයෙන් ඉවත්වීම නිසා ඔවුන් අපට විරුද්ධව කටයුතු කරමින් සිටින බවද කීවේය.
බලය බෙදීම කියා නැවත බෙදුම්වාදය ගෙනැවිත් රටේ සවෛරීත්වය පාවාදීමට සූදානම් නැතැයිද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ට පුළුවන් වේවි, අපේ අපනයන, අානයන වලට තහංචි වැටුණොත් අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා... ඔය කියන මානව හිමිකම් වාර්තාවේ පිටු දෙකක් රණවිරුවන්ට එරෙහිව බවත් ඉතිරි පිටු 15 ක්ම ඇත්තේ මෑතකදී තමුන්නැහැලාගේ කෙරුවාවන් නිසා හදාගත් චෝදනා බවත් කටක් ඇරලා කියන්න බැරි ඇයි? ඒවා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපුවාද? ඒක නිසා තමුන්නැහැලා කපපු කෙහෙල් කැන තමුන්නැහැලාම කරට ගන්න.. නාහෙන් අඬන්නේ නැතිව...
කතාව වගේම වැඩත් තියනවා නං හොඳයි . මෙච්චර කලක් කරපු වැඩක් නං නෑ
අපේ රටට හැමදාම ප්‍රශ්න. ඉවරයක් නෑ
ඔය පටන්ගත්තා පමණයි. පහුවෙනකොට තේරෙයි බෙල්ල මිරිකන්නේ හිමින්සැරේ.
එහෙම කරන්න වෙනවා කොහොමත්.
රටක් දියුනු වීමට නම් වැදගත්ම වෙන්නේ ශක්තිමත් නිශ්පාදන ආර්තිකයක් සහ අපනයනය සදහා ශක්තිමත් විදේශ වෙලද පොලක්, අපේ රටේ අපනයන වෙලද පොලෙන් වැඩිම (90%) වලට වඩා වැඩි දායක්ත්වයක් ලබා දෙන්නේ බටහිර රටවල් වේ. චීනය ණය ලබා දුන්නත් මෙරට අපනයන වෙනුවෙන් අවම දායකත්වයක් පමනි. අප ලබාගන්නා ණයද මෙරට නිශ්පාදන ආර්තිකයක් ගොඩනැගීමට අදාල ව්‍යාපෘති වලට යොදනවාට වඩා පුහු ආටොප සහ මෙරට දෙශපාලකයන්ගේ ආර්තිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැය කරයි. අප දැනටමත් ණය ගෙවීමට තවත් ණයක්, එම ණය ගෙවීමට තවත් ණයක් යනාදී වශයෙන් ඉතා අදුරු ප්‍රපාතයකට තල්ලු වෙමින් සිටී. මෙම ක්‍රියා වලියේ අවසන් ප්‍රතිපලය වන්නේ මෙරට ආර්තික වශයෙන් වැදගත් ඉඩම් සහ ආර්තික මර්මස්තාන චීනයට ණය හිල්ව් වෙනුවෙන් පැවරීමට සිදුවීමයි.
"රණවිරුවන් දඬුකඳේ ගහනවා" කියමින් මෙතෙක්කල් සියලුම දෙනා කලේ ජිනීවා මානව කොමිසම් සැසිය විකුණන් කණ එකයි. නමුත් මානව හිමිකම් කොමිසම මඟින් ඉදිරිපත්කර ඇති වාර්තාවේ කිසිම තැනක "ශ්‍රී ලංකාවේ යුධ අපරාධ" සම්බන්ධයෙන් පරීක්ෂණයක් කලයුතු කතාවක් සඳහන් වෙන්නේ නැති බවයි මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව අදහස් දක්වන විශ්ලේෂකයින් පවසන්නේ. ඔවුන්ගේ අදහසට අනුව මෙම යෝජනාවල දැක්වන්නේ " ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධ නීති රීති උල්ලංගනය කිරීම් " සම්බන්ධව පරීක්ෂණ කලයුතු බව පමණක් බවයි පෙනී යන්නේ. ඔවුන් කියා ඇත්තේ ජිනීවා යෝජනාවල කිසි තැනක " රණවිරුවන්" ඉලක්ක කර පරීක්ෂණ කෙරෙන කතාවක් සඳහන් නොවන බවයි. නමුත් මානව හිමිකම් නීති රීති උල්ලංගනය කිරීම් කීවිට ඒවාට " වැලිකඩ සහ රතුපස්වල සිද්ධීන් වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම වැනි කරුණු කාරනා මඟහැරිය නොහැකි බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම රටකට මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංගනය කල අය වේනම් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව ඇති බවත් ඔවුන් කියා ඇත.
අපි ජනපති සවිමත්කර පුළුවන් සැම සහයක් දිය යුතුයි. සුබපතනවා
මේ රජය කිසිම වෙලාවක මේ චෝදනා කුමක්දැයි ප්‍රසිද්ධියේ නොකියයි. කියන්නේ රණවිරු කෙදිරිිය පමණි. අප අසා ඇති ආකාරයට පිටු දෙකක් යුධ අපරධ ගැන සඳහන් කරනවිට පිටු පහලොවක ඇත්තේ මෑතක කරන ලද මානව විරොධීක්‍රියා වේ. එය කිසිදු විටක හෙලි නොකරයි . ප්‍රශ්න කල විට ස්වරී රටකට ඇඟිලි ගැසීමක් ගැන වියරුවෙන් කතා කරයි. එය එසේ නම් රජයකට තම ජනතාවට එරෙහිව කටයුතු කල හැකිදැයි ප්‍රශ්න කලයුතුය.
ඉතින් මේ කතාව ලංකාවේ සිංහල භාෂාවෙන් කියල වැඩක් නැහැ. එදා ජැනීවා ගිහින් ඉංග්‍රීසියෙන් කියන්න තිබුණා. ලංකාවේ සිංහල භාෂාවෙන් බුරනවා. ජාත්‍යන්තරයේ ඉංග්‍රීසියෙන් දන ගහනවා.
''කතාව දෝලාවෙන් ගමන පයින්''
පිළිසඳරේ ජාතිමාමකත්ව අඬවැඩියාවට මෙදා 69 ලක්ෂය නැහැ, උතුමනි..!
තවත් බොරු කියනවා.
මේකෙ කියලා තියෙන්නේ ‘‘ගම සමග පිළිසඳරේ‘‘ ගමේ ඉන්න අය අප්පුඩි ගැහුවද? අනේ නන්දසේන...!!!