
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (25) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ඔහු මේ බව දැනුම් දුන්නේ ජීනිවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කරන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතරු දෙමිනි
යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවට සමානුග්‍රහකත්වය දැක්වීම නිසා රට විදේශ බලවේගවලට නතුවී පැවැතුණු බවත් රජය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව යමින් දේශීය යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ අවශ්‍ය නැහැ....!!! අපි දැක්කා ඔබේ වැඩ කිඩ. අන්තිමට බලු වුණා. හැකිනම් ගියමාසේ කලා වගේ ලෝකය දිහා බලාගෙන සරම උස්සගෙන චන්ඩි පාට් එකක් දමන්න. හැට පැනපු , හරියකට ඇවිදගන්නවත් බැරි, කරපු දෙයකුත් නැති, කරන්න පුළුවන් දෙයකුත් නැති ,මැදමුලන " ගම්බාරයින්ගේ " ඉඳුල් කන අයව අමාත්‍යයින් කළාම, මානව හිමිකම් අමුඅමුවේ කැඩු, ඇමෙරිකාවේ පාත්ෆයින්ඩර් ඔත්තු සේවයේ සේවය කරන, හිටපු නාවික නිලධාරියෙක්ව විදේශ අමාත්‍යාංශයේ ලේකම් කළාම... මුළු ලෝකයම දන්නවා මේ ධර්මද්වීපයේ ඇතුළත සිදුවෙන්නේ කුමක්ද කියා.... ඔවුන් ඒ තීන්දුව දුන්නේ නැහැ... අපේ මෝඩ, හොරු රැල තීන්දුව ඉල්ලා ගත්තා. දැන් ඉතින් කුම්බලා මාලු කාපු බල්ලාට වුණු දේ අමතක නැහැනේ. ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් වහාම ජනාධිපති වරණයක් පවත්වා රටට සුදුසු ජනාධිපති වරයෙක් පත්කරගන්න. ඔබලා ප්‍රමාද වුණොත්.. බලෙන්ම හෝ ජනතාව නව ජනාධිපති වරයෙක් පත්කරගන්නා තැනට ආදී යන්නට පුළුවනි.
ඔබේ දේශීය යාන්ත්‍රණය දැන් පුස්සක්. ඵය ජාතිවාදියි. එයයි ජිනීවා තීරණය.
ඔය හදන්නේ බයිලා කියන්නයි.
මෙයා තාත්තාගේ නමත් කනවා.
සිංහ හම පොරවා ගත්තු නරි ලංකාව ඇතුලේ සද්දෙට හූ කිව්වට, විදේශයකදී නම් ඒ විදිහට හූ කියන්න බැරිවෙයි... හුවට ලංකාවේ ඡන්ද ගත්තාට, ජාත්‍යන්තර ඡන්ද ගන්න නම් බැහැ..
අහෝ දෙවියනි, මේ වගේ බොරුකාර දේශපාලුවන්ගෙන් අපව ගලවාගනු මැනව...
මේ අය ඉස්සරහට රටම කාලා තමයි යන්නේ. කරන හැමදේම ලොකු අවුලක් රටට... 69 ලක්ෂයටම දෙයියන්ගේ පිහිටයි. රට කපෝතියි.
අවශ්‍ය නැහැ.. අල් ජසීරා එකට දුන්නු ස්ටේට්මන්ට් එක දැක්කා. කැමැති නම් 69 ලක්ෂයට ප්‍රකාශ කරගන්න ගම සමග පිළිසඳරට ගිහින්.
ඊට වැඩිය රටට හොඳයි.. මෙයාව මානසික පරීක්ෂණයකට යැව්වා නම්. නැතිනම් හෙට නියම ගොන් කතා ටිකක් අහන්න පුළුවන්. දිනේෂ් කියන්නේ ඇත්තටම නන්දසේනගේ සහෝදරයෙක්ද?
පසුගිය ජනාධිපතිවරණයේදී දිනුව එක්කෙනාට ලැබුණු ඡන්ද ගන්නට වැඩියි.. අනිත් අයට ලැබුණු ඡන්ද සහ ඡන්දය නොදී සිටි පිරිසගේ ගණන. මේ මහත්තයා ජිනීවා ඡන්ද විශ්ලේෂණය කරන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණන් හදලා බැලුවොත් මාර වැඩක් තමයි වෙන්නේ. කවුද අහලා තිබ්බ "බොරළු ගොඩක මේ තරම් මැටි තියෙන්නේ කොහොමද?" කියලා. මොකද්ද දන්නේ නැහැ ඒ කතාවේ තේරුම...?
විශේෂ ප්‍රකාශයක් කරලා ඔය මහළු මඩමට ගියා නම් හොඳ නැද්ද?