(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (31) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන බලය පෙන්නන්නම් මැතිවරණයකදී. පාර්ලිමේන්තුවේදී උඹලාගේ බලය පෙන්නපල්ලා..
කැමරා දොළහකින් ආවරණය කරලා රාජ්‍ය මාධ්‍යවලින් සජීවීව බලාගන්න ඇහැකි වෙයි ෂෝක් එකට.
පාර්ලිමේන්තුව කල්දාගන්න පුළුවන් තරම් වෙර දරනවා
ජනබලයට ප්‍රථම පාර්ලිමේන්තුවේ බලය පෙන්නුවානම් නේද හොද? කාලය සහ මුදල් නාස්ති නොකර.
තමුන්ගේ තියෙන ගුණගරුකකම ලෝකෙටම පෙන්වපු එකට මොන ජනබලේද? ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි, කුජීතයි... යහපාලන ආණ්ඩුවක් හදන්න ආපු කෙනා කරපු වැඩේ..
එදාටත් කිරි පැකට් ගහනවද?
අාප්පය කියල කියලා දැන් පෙලපාලිත් යනවා. ඉස්සර කරගෙන ජනපතිකම ගත්තු දවසේ ඇයි මේ විදියට ගියේ නැත්තේ? එතකොට නයි, පොළොංගු වගේ. මේ කිරි මුට්ටියට ආයුෂ කොටයි.
මතකයිනේ පසුගිය ජනබල වෙලාවේ කිරි පැකට් බීලා වෙච්ච දේ? මෙවර යනකොට මිනිසුන් බඩගින්නේ නොතියා කිරි පැකට් බීම පැකට් හා බත් පැකට් ඔවුන්ටම ගේන්න කියලා ඒවාටත් ගමන් ගාස්තු ලෙසටත් ප්‍රමාණවත් මුදලක් (අඩුම තරමින් 5000/= ක් බැගින් වත්) දෙන්න.
වෙන් වෙලා ඉඳලත් පෙබරවාරි 10දා පෙන්වුව ජන බලය එක් වුණාම පෙන්වන්න දෙයක් නැහැ. ඊ ලඟ ඡන්දෙදි එකමුතුවේ බලය පෙනේවි. නිකන් පාරවල් බ්ලොක් කරන්න අවශ්‍ය නැහැ ..
මහජනතාවගේ බලය නෙමෙයි, මේ වෙලාවේ පෙන්වන්නට ඕනේ... පාර්ලිමන්ට් එකේ බලයයි. එහෙම නැතිව කන්ට බොන්ට දීලා මිනිස්සු ගේනවා කියලා එ්කෙන් පාර්ලිමන්ට් එකට බලපෑමක් කරන්න බැහැ.
ජනතාව බලය පෙන්නලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එවලනේ තියෙන්නේ... ඔච්චර දඟලන්නේ නැතුව පාර්ලිමේන්තුව රැස්කරලා එ්කේදී බලය පෙන්නන්නකෝ...?
ජයවේවා !!!
මොකක්ද මේවගෙන් බලාපොරොත්තු වෙන්නේ...? මේ අමන වැඩ නිසා දිනකට රටට සිදුවෙන පාඩුව බිලියන ගණනක්...
යන්නේ කොහෙද මල්ලේ පොල්? ඔන්න ගොන් වැඩ.. අවශ්‍ය දේ කරන්න. කොළඹට මිනිස්සු ගෙනාවට බහුතරය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නැහැ... සම්මානය ජනතාව පීඩාවට පත් වෙනවා විතරයි. රට තවත් දවසකින් ආපස්සට යනවා. අපිට දෙයියන්ගේම පිහිට තමයි. රටට අනාගතයක් නැහැ..
හොරු වෙනුවෙන් හොරු...
මේ වෙලා තියන තත්වය යටතේ ගොන් වැඩ කරන්න එපා. අහිංසක මිනිස්සු අැනකොටගෙන විශාල විපතක් වෙන්නට ඉඩ තියනවා.
පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මිනිස්සු පාරට බස්සන්න හදන එක නරක තීරණයක්..
දැන් ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුව වගේ වෙලා. මෝඩ මිනිස්සුන්ව එහෙන් ගෙන්නනවා මෙහෙන් ගෙන්නනවා. ලොක්කෝ හොරා කනවා. ඔය මොන බලයවත් වැඩක් නැහැ පාර්ලිමේන්තුව රැස් කරලා බහුතරය පෙන්වන්න.
ජනතාව තමා එතනත් පරිප්පු කන්නේ.
අගමැති තීරණය වෙන්නේ ව්‍යවස්ථාව අනුව මිස කොළඹට ගේන ඔළු ගෙඩි සංඛ්‍යාව අනුව නෙවෙයි.....
එහෙනම් එදාටත් කලින් ගෙදර යන්න පුළුවන්.
බත් පැකට් සහ රුපියල් දැන් වැඩ කරවී. නගරය අපිරිසිඳු වේවි, කිරි පැකේට් විස වේවි.............
අනේ හැමෝටම වැසිකිලි පාවිච්චි කරන්න පහසුකම් සලසන්න . නැතිනම් කොළඹ නගරයම සවුත්තු වෙනවා .
ඔවුන්ගේ පිරිස පෙන්වීම මිනිස් කාලය සහ මුදල් නාස්ති කිරීමක් ...... කෙහොම නමත් ඔවුනගේ ස්ථාවරභාවය ....... අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න...
මීට පස්සේ ආයි ඡන්ද අවශ්‍ය නැත..... පක්ෂවලින් කොළඹට ගෙනෙන ජනතාවගේ ප්‍රමාණය අනුව මන්ත්‍රීවරුන් පත් කරනු.
මහජනයාගේ සාමාන්‍ය ජිවිතයට බාදා කරන මෙම පිස්සු රැලි ජනාකිර්ර්ණ ප්‍රදේශ වල තහනම් කරන්න.
ජන බලය කොළඹට ගෙනත් මාර්ග අවහිර නොකර, අවසානයට පැවැත්වු පුංචි ඡන්දයේ ප්‍රතිඵලය තානාපතිවරුන්ට පෙන්වා ,පළාත් පාලන මැතිවරණ නොතබා ප්රජාතන්ත්ර විරෝධීව ආණ්ඩුව කරගෙන යන්නෙ එජාපය බව ලොවටම කියා දෙන්න. ඒ ආණ්ඩුව මිනිසුන්ට එපාවුනේ එදාම බවත් , ඒ ආණ්ඩුවට ජනතා සහයක් සහ කැමැත්තක් නැති බව ඔවුන්ට පිළිගන්නට සිදුවනවා.
එතකොට පාර්ලිමේන්තුවේ බලය? එදාම නේද පාර්ලිමේන්තුවත් රැස්වෙන්නේ? අහන්න දෙයක් නැහැ ඉතිහාස ගත ගුටි කෙලි සංදර්ශනයක් බලාගන්න ඇහැකි වේවි.
අරලියගහ මන්දිරේ වට කරලා 5 වෙනිදට රනිල් පන්නමු
හුදෙක් මේවා මාධ්‍ය සන්දර්සන විතරයි.
මාර සිරා= මරු සිරා... ආණ්ඩුවට ජනතාව කැමැති නැහැ.