(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමීව කරගෙන යෑමට හැකි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (19) පැවැසීය.
ස්ථාවරවල නියෝගවලට අනුව, නීත්‍යනුකූලව හා සාමකාමීව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සියලු පක්ෂ නායකයන්ගෙන් හා පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි බවත් සියලු දෙනා එම ඉල්ලීම පිළිගනිමින් ඊට අනුව කටයුතු කළ බවත් සමරසිංහ මහතා කීය.
කොළඹ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම කරුණු සඳහන් කළේය.
ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් නමින් ඡන්දයක් කැඳවා එහි ප්‍රතිඵල තමන්ට එවන්නැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා කීවේය.
යෝජනා සම්මත වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි හා විනිවිදභාවයක් තිබිය යුතු බවත් සාමකාමී අයුරින් යෝජනා සම්මත විය යුතු බවත් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවේදී දැනුම් දුන් බව ද හෙතෙම කීවේය. එසේම එවන යෝජනාව විශ්වාස කළ හැකි විය යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් සමරසිංහ මහතා පැවැසීය.
ක්‍රියාවට නැංවිය හැක්කේ එසේ එවන යෝජනාවක් යැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.
කතානායකවරයා සර්ව පාක්ෂික සමුළුව වර්ජනය නොකළ බව කී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඔහු ඊට සහභාගි නොවූයේ ඔහු පක්ෂයකට අයත් නොවන නිසා බවත් කීය.
ජනාධිපතිවරයා සහ කතානායකවරයා සර්ව පාක්ෂික හමුවට පෙර දුරකතනයෙන් කරුණු සාකච්ඡා කළ බව ද අමාත්‍ය සමරසිංහ මහතා කීවේය.

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට සාමකාමීව හැසිරීමට තව කෙනෙක් උපදෙස් දිය යුතුද? අද අපි දකින්නේ නූගතුන් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපලයක් පමණයි. ඉදිරි මැතිවරණ වලදී මෙවැනි අය නැවත ඡන්දයට ඉදිරිපත් වුවහොත්, ජනතාව ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුයි.
එ්කෙන් පේනවා ජනපති යටතේ ඉන්න අයවලුන් මොනතරම් අසීලාචාරද? අසංවරද කියලා... මේ වගේ නූගත්, නැහැදිච්ච පිරිසකට රට පාලනය බාර දෙනවට වඩා හොඳයි රටේ රජයක් නැතිව තියන එක... ජනපති කළ මෝඩකම්වල අරුම දැනේවි බොහෝ ඉක්මණින්.. අපි එදාට එයාට කතා කරන්නම් ලංකාවේ ජනතාව තීරණයක් ගත යුතුයි.. නූගත් නැහැදිච්ච දේශපාලකයින් ඉවත්කර උගත් දේශපාලකයින් එන ඡන්දයට ඉදිරිපත් කරනතුරු ඡන්දය දීමෙන් වැළකී සිටීමට කටයුතු කරන්න.
නිකම් විහිළු කතා කියන්න එපා. මේවා ඔක්කොටම මුල සිරිසේන කියන එක තේරෙන්න තරම් මොලයක් නැද්ද?
ප්රජාතන්ත්රවාදී රටක ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය ස්වාධීනව පැවතිය යුතුයි.පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්වන ඔබේ කථාවෙන් විධායකය විසින් ව්‍යවස්ථාදායක යටත්කර ගැනීම අනුමත කරන බවක් පෙනෙනවා මෙය රටට ඉතාම අහිතකරයි
උගත්කමක් ඇති අයත් දැන් මේ කියන කතා. රට ගැන හිතන්න, අනාගත පරපුරට හැදෙන්න ආදර්ශයක් වෙන්න. නැතිනම් නැතිවෙන්නේ මේ අපේ මව්බිමයි.
දුප්පත් මිනිසුන්ව රවටා පාර්ලිමේන්තු ගොස් ඉහලම වරප්‍රසාද විදිමින් කා බී අන්ත ලෙස හැසිරෙන මොවුන් වර්ග කරන්න ඕනි පුටු කඩලා ගහන අය, පොත් වලින් ගහන අය, විදුලි උපකරණ කඩලා ගහන අය, මිරිස් කුඩු හා රසායනික ප්‍රහාර එල්ල කරන අය, කට ගහන අය, පිහි සහ උල් උපකරණ වලින් අනින අය, අතින් පයින් ගහන අය, ආදී වශයෙනි.
අපිට ජනාධිපතිවරණයක් ඕනා.......
ඔබ හරි .
එතකොට එදා එහෙම හැසිරුනේ කාගෙ ඉල්ලීමක් අනුවද?
බාලාංශයේ ළමයෙක්වත් කියන කතාවක්ද මුන්නැහේ කියන්නේ...? සිරිසේන මහත්තයා කීවොත් විතරක් හොඳින් හැසිරෙනවා. නැත්නම් මිරිස් කුඩු ගහනවා. හේතුව එ්ක නොවෙයි... එදා ඡන්ද විමසීමක් තිබ්බේ නැහැ...
ප්රශ්නය, නුගතුන් නොමනා විදියට හැසිරෙද්දී උගත් අය එය හෙලා දකින්නේ නැතුව සාධාරණීය කරන්න යනකොට උගත් කම බාල්දු වෙනවා කියල හිතෙන්නේ නැති කම. හරි පුදුමයි
අනේ රටට හිතැති ජනාධිපති ....ඒකද කීවේ මම ගියොත් යන්නේ ඔක්කොම ගිනි තියාගෙන කියලා ? මේ කතාවෙන්ම ඔහු කෙබඳු කෙනෙක්ද කියා ලොවටම කියා පෑවා නේද ?