(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා මුල් වී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රචාරක මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු බාරගෙන ඇති අතර,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සහ අගමැති ව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධ කරගෙන ඇති එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර, ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද එම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එමෙන්ම ආණ්ඩුවේ තනතුරු දරන පොහොට්ටුවේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු මේ වන විට දේශපාලන වශයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බව ද නම හෙළි කිරීමට අකමැති, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝම එකට තියලා අරින්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් එන්නයි යන්නේ… මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු...
ඔක්කොම එක බව දැන්වත් තේරුම් ගන්න.
ඔන්න මෙදා සැරේ පොහොට්ටුව දියවෙලා යූ එන් පීය මතු වෙන්නයි මේ ලකුණු පහළ වෙන්නේ ... වැඩිකල් නොගොස්ම, පොහොට්ටුවට අනිච්චා වත සංඛාරා කියන්න වෙයි වගේ ...
පොහොට්ටුවන්ට රනිල් නැතිවම බෑ. බහුතර ජනතාවට රනිල් සහ පොහොට්ටුවන් නැතිව පුළුවන්...
පොහොට්ටුවේ හොර දූෂිතයින් ජාමේ බේරගෙන ඉන්නේ පින් ජනපතියා හින්දා? රනිල් ආවොත් ඔවුන් ඔක්කෝම ගොඩ කියලා හිතාගෙන ඇති...
කීවෙනි පාරටද පරදින්න යන්නේ? පට්ට
අදහස් දක්වා ඇති වැඩිදෙනෙක් මාලිමාව සතු මනෝරාජික සැලසුම් ජයග්‍රහණය සදහා ගෙනයාමට හැකියාව ඇතැයි සිතා මාලිමාව ජයග්‍රහණය කරාවි කියලා අදහස් පලකොට තියෙනවා. එහෙම වුනත් කිසිදාක අහසේ මාලිගා හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගන්නෙ නැහැ.
වසර 45කටත් වැඩි කාලයක් දේශපාලනේ කෙරුවා. අන්තිමට තමුන්ගේ ආසනෙනුත් පැරදුණා. ඔය හිටියා මදෑ. වයසක දේශපාලුවන් අයින් වෙන එක තමයි හොඳ...
නන්දසේන ගෝඨාභය යවපු දවසේ ඉඳන් මේක තමයි හදාගත්තු සැලැස්ම...! ආපහු ඇවිත් අපෙන් අහයි. දැන් සැපද කියලා... !!!
බංකොලොත් රටක කොහේද "දේශපාලන ප්‍රබලයින්" ඉන්නේ..?
දැන් මේ තිරනය ගත්තේ. ඔය ණය මුදල ආපු නිසාද. අනේ බන්. මිට වඩිය හොදයි ලග එන අවුරුද්දට රබන් ගහලා නටපල්ලා. හරි මහසි ඇති රනිල්ට වටේ ඉන්න. ගොබ්බයිනට. ණය මුදල දෙන්න කැමති වුනනිසා. ලබන අවුරුද්ද වෙන්න කලින්. කට්ටියම ගෙදර යන්න. ඔය ලැබුන මුදල් වල. ඇඩ්ඩ්‍රෙස් එකක්වත් ඒ වෙනකොට නැතිවෙයි. රනිල් ට මොලයක් තියෙනවානම් නයට සල්ලි ගන්නෙ මොකටද. තමන්ගෙ මොලෙන් රටක් කරන්නෙ. නයට කාලා නේමේ තියෙන නය ගෙවා ගන්න බැරිව ර්ටේ දේපල විකුන්නවා. මුන් තවත් නය අරගෙන. රටේ ජනාදිප්ති තරගෙට ලෑස්ති වෙනවා. සිල් රෙදි. පුන්නක්කු ගෝනි බෙදයි ලගදිම ජනතාවට. මේ වගෙ රට කරන උන්ට චන්දෙ නෙමේ. දෙන්න ඕන කොසු මිටි පහර. ඔය විදියට රටේ නායකයෝ ඉන්නෙලන්කාවෙ විතරයි. ලෝකේ දියුනු රටවල. එක ජනාදිපතිවරයෙක් ඉන්නවද. ඔලුව කුඩා බඩ ලොකු. පුන්චි ඇග මුහුන සිරියා වන්ත පාට. නිතියට හිස නමන. ජනතාවට මුල් තැනදෙන. නායකයෝ තමයි සේරම මුන් ඇවිත් මල පේරෙත ගොටුවටත් හොද මදි.
මේ දෙපිරිස පාර්ලිමේන්තුවේදී කවුද හොරා කියලා ගොන් ජෝගියක් දැම්මා අපිත් බලන් හිටියේ හොරා කවුද කියලා මට නම් තේරෙන්නේ නෑ ඕගොල්ලෝ දන්නවනම් කියන්න හොරා කවුද කියලා.
අර සතාගේ නම සඳහන් කරමින් පිං ගො.... කියලා මිනිස්සු කතාවට කියනවා නේද? අන්න එහෙම තමයි පොහොට්ටුව දන්නවා මෙදාපාර කවුරු ඉදිරිපත් කළත් ඔවුන්ට දිනන්න බැරි බව. ඒ නිසා මෙදා ඔවුන් රනිල්ව බිල්ලට දෙනවා.
රාජ්‍ය සේවකයන් අවුරුදු 60න් විශ්‍රාම යවන්න ගැසට් එනව. අවුරුදු 70ක ශල්‍ය වෛද්‍ය වරයෙකු අතින් ශල්‍යකර්මයක් කරගන්න වුනොත් අපි දෙපාරක් හිතනව. වයස 70ක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපි පාරේදී උදව් කරනවා. කෙසේ වෙතත් වසර 70 පසු කල අයට අපි රටේ නායකත්වය බාර දෙනව. අපි හරි පුදුම ජාතියක්.
හොඳ වැඩක්, නැත්තම් IMF වැඩ ටික විනාස කරන්න පුලුවන් වෙන කෙනෙක් පත් උනොත්, අපෙ රට ගොඩ ගන්න රජය සේවකයො එලවන්න ඔනෙ. ජනතාව ප්‍රයිවටයිස් කරන්න එකගයි.
අපි වෙනුවෙන් අපි
අද අප්‍රේල් 01 වැනිදා..!
බලන්න 17, 18, 19, 20, 21 සංශෝධන. එකකට එකක් ප්‍රතිවිරුද්ධ වුවත් ලොක්කා යෝජනාව ගෙනාවනම් ඒ සෑම දෙයකටම අත උස්සන කණ්ඩායම් නේ ඔය දෙකේම ත් ශ්‍රී ලංකා එකෙත් දේශපාලනය කරන්නේ. නිකං ජනතාවගේ මුදල් නාස්ති කරලා ඒ අය සැප විඳිනවා
අම්මෝ කියලාවත් කරගන්න බැරි දෙයක් .මොන කෙහෙල්මල් චන්දයක් හරි තියන්නකෝ .සීයලා ටික ගෙදර යවලා පෙන්නන්න