(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් 08 සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .
රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින් යුත් යෝජනාවලියක් ඉකුත්දා ඉදිරිපත් කරනු ලැබීය .
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේදී පෙරේදා(05) රාත්‍රියේ පැවැත්විණි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට එන ලෙස ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ඇමති වාසුදේව නානයක්කාර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය තිස්ස විතාරණ , ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ඩිව් ගුණසේකර යන මහත්වරු,පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
ශ්‍රීලනිපය හා හවුල්කාර පක්ෂවල නායකයන් අතර සාකච්ඡාව පැයකටත් අධික කාලයක් පැවති බවද වාර්තා විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලනය තමයි රාජපක්ෂලා දන්නේ. එක එක කොටවල තමන්ගේ සාක්කු පුරවා ගන්නවා. හීනමානයෙන් පිරුණු පවුලක්...
ඔක්කොම කට්ටිය බොරු කරන්නේ..!
ලංකාවේ බත් කන හරක් හින්දා හොඳයි..