(නාලක සංජීව දහනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය.
චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය.
තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තමන් මීට පෙර චීනයේ සංචාරය කළ බවත් කිසිවිටෙකත් චීනය තමන්ට ආගන්තුක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයාට පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබගමන් ඔබට ජනාධිපතිතුමනි, දේශය වෙනුවෙන් යුගමෙහෙවරක් කිරීම සඳහා ඔබතුමාට ධෛර්යය සහ ශක්තිය නොඅඩුව ලැබේවා...!!! ශ්‍රී ලංකා දේශපාලනයේ කිලිටි නොවූ එකම නිර්භීත චරිතය සහ නායකත්වය ඔබයි. ඔබ අවට සිටින සියලුදෙනාගෙන් ආරක්ෂාවී රට සහ ජනතාව වෙනුවෙන් සේවය කරනු දැක්ම අපේ එකම අපේක්ෂාවයි. ඔබතුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා... !!!
තව මොනවහරි විකුනන්න වගේ යන්නේ. කොළඹින් නෙමෙයි මැදමුලනෙන් විකුනන්න. මෙහෙ චීන්නු වැහි වැහලා.
චීනෙන් ඇවිත් කියන්න ඇති මේ දේවල්වලට කැමති මොකද කියලා.. ඒක තහවුරු කරන්න තමයි යන්නේ..