(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන රජය බලයට පැමිණියේ රට තුල ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සහගත ක්‍රියාවක් සිදුකිරීම තුළින් යහපාලන රජය බිඳ දැමීමට ජනාධිපතිවරයා කටයුතුකර ඇතිබවත් රනිල් වික්‍රමසිංහ මහතා විදේශතානාපතිවරුන් හමුවේ අද (27) පැවැසීය.
මෙම සාකච්ජාවට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමයේ රටවල්, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ මහා බ්‍රිතාන්‍ය ඇතුළු තානාපතිවරු සහ මහකොමසාරිස්වරු විස්සකට අධික පිරිසක් සහභාගි වූහ.



ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත...
මෙයා දැන් රටවල් බින්න කරන්නයි යන්නේ.. ඕක තමයි හැමදාම කලේ..
අනේ මෙහෙමත් නිවටයෙක්... අපේ රටේ ප්‍රශ්න විසඳන්නේ පිටරට තානාපතිවරුන්ට කියලා. මහබැංකුව හොරකම් කරලා ආර්ථිකය කඩා දමල, රටේ සම්පත් පිට රැටියන්ට විකුණලා, අහිංසක දුප්පත් මිනිසුන්ගේ අර්ථසාධක මුදල් වංචා කරලා, රට පාවලා දුන්න මේ නිවටයින්ව වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කළයුතුයි.
තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ... අර අවසන් සටනේදී 40000ක් මැරුණා වගේ තමයි.
ඇත්තටම ඔබතුමාලා යහපාලනයක් ගෙන ගියාද? අනේ අපි නම් දන්නේ නැහැ.
ප්රජාතන්ත්රවාදය කියන්නේ හීන් නූලෙන් විධායක බලතල තමන්ට පවරගන්න එකට නම්, ඔහෙලා ප්රජාතන්ත්රවාදේ ආරක්ෂාකළා තමයි... තානාපතිවරුනුත් ගොනාට අන්දන්නද හදන්නේ? කොහොම වුනත් ශ්‍රී ලංකාවේ තානාපති කන්තෝරුවල ජාතික උත්සවවලට විස්කි, බ්‍රැන්ඩි වයින් සාද පවත්වපු කාලේ නම් ඉවරයි.
මහබැංකුව යාලුවෙකුට දිලා හොරකම් කළා.. තව ජනාධිපතිකම ලැබුණානම් ගජ මිතුරන්ට දීලා බැංකු ඔක්කොම සුද්දෙ දායි. රටම හිඟමනට ඇදලා දැම්මා. දුප්පත් මිනිස්සු කන්න අඳින්නේ නැතිව අන්ත අසරණ කළා..
අන්තිම භෝජන සංග්‍රහය මතක් වුණා.
නියම වැඩේ. පිටරට ඉන්න නායකයින් දැනගන්න ඕනෑ. මේවා ජනතාව පෙන්නලානේ හිඟාකන්න යන්නේ...
පිටරට අයට කියලා වැඩක් නැහැ අපේ ප්‍රශ්ණ අප විසාදාගත යුතුයි...
මේ තරම් ලොකු කුමන්ත්‍රණයක් වෙනකම් රනිල්ගේ රහස් ඔත්තු සේවා නිදියගෙනද? අපේ ඡන්ද අයිතිය සමූලඝාතනය කලා.. මේ අය
ඔය පාලනයේ හෙළුව ලෝකෙම දැක්කේ මහා බැංකු කොල්ලේදී. තාමත් රෙදි ඇදගෙන ඉන්නේ ලැජ්ජාවක් නැති කමටනේ. ඒ වගේම තම දැන් ඇවිත් ඉන්න අයගෙත් කෙරුවාව.
යහපාලනයක් තිබුණද බිඳ දමන්න??? අර කෙනාට යස අපූරුවට කුට්ටියක් ගහගෙන සිංගප්පූරුවට යන්න සැලැස්වුවේ යහපාලනය තිබුණ නිසාද???
ඇත්තටම සිරිසේන පරක්කු වුනා. මේක කලින් කරන්න තිබුණු වැඩක්...
ඔය හොර නඩය ඇතුළට දාල නඩු ඇහුව නම් ඔහොම වෙන්නේ නැහැනේ මහත්තයෝ. ජනතාව බලාපොරොත්තු උනේ අන්න ඒවා.