
(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයා වෙත විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්වීම ද සිදුවිය.
මෙහිදී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාට පැහැදිලි කළ අතර එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණයක් පිළිගැන්වීම ද හමුදාපතිවරයා අතින් සිදු කෙරිණි.
ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක්කිරීම සහ යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඇති කෞතුකාගාරය ඇතුළු ස්ථාන රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන තමයි. මේ මොකාට එන්නද දන්නේ නැහැ හදන්නේ?
බුදුඅම්මෝ, ආයෝජනයකට විදේශ සමාගමක් ඉඩම ඉල්ලලා වත්ද?
කොල්ලනේ , එකෙක් ළඟවත් නැත්ද සජීවී පතරොමක් ?
ගරු ජනාධිපති තුමනි, සිංගප්පුරුව, දකුණු කොරියාව, ඊශ්‍රයල ආදී දියුණු රටවල් පිරිමි හැමෝටම අවරුදු 2ක් පමණ හමුදා පුහුණුව අනිවාර්ය කරලා තියෙන්නේ. ලංකාවේත් එවැනි දෙයකට අපේ දරුවන් පෙළ ගස්වන්ඩ ..... දියව් දියව් පක්ෂ , තමන්ගේ දේශපාලනය , එවැනි පිරිසක් බිහි උනොත් කරන්ඩ බැරි නිසා මේවා කරන්ඩ ඉඩ දෙන්නේ නැහැ