



ඡායාරූප - ඉෂාන් සංජිව
මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
2015 ජනවාරි 14 වැනිදා සිට 2019 ජනවාරි 14 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු සංවිධානාත්මක අපරාධ මර්දනයට සක්‍රීයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමිණි.
එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති
Raveendra Monday, 28 January 2019 11:42 AM
මෙම එඩිතර නිලදරුවන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඇත්තෙන්ම අප සියල්ලෝම මෙම නිලදරුවන්ව ඉතා ඉහලින් අගය කල යුතු අතර එවන් නිලදරුවන් තව තවත් දිරිමත් කලයුතුය.
pradeep herath Monday, 28 January 2019 11:52 AM
මේක ඉතාම හොඳ දෙයක්... මෙම නිලධාරීන්ට මුදල් ත්‍යාග දිය යුතුයි. ඊට අමතරව අල්ලාගත් මත්ද්‍රව්‍ය විනාශ කරනතෙක් ක්‍රියාවලිය අධීක්ෂණය කළයුතුයි.
Lal Monday, 28 January 2019 12:14 PM
ලොක්කා මෙහේ සම්මාන උළෙලවල් පවත්වනවා. අන්න මහාපරිමාණ කුඩුජාවාරම් කරුවකුට ඇපදීලා. පත්තරේ දැක්කේ නැතුවැයි?
Raveendra Monday, 28 January 2019 12:23 PM
කුඩුකාරයින් එමටයි දැන් ලංකාවේ... තක්කඩි සුනඛයොත් ඉන්නවා මේ අතරේ... එනමුත් අවංකයන් පෙරමුණ ගත්තානේ... හදපිරි සෙනෙහසයි නිලදරුවන්ට අපේ....
sampath Monday, 28 January 2019 12:42 PM
පුනරුත්ථාපනය ශක්තිමත් කල යුතුයි ඒත් අවාසනාවට වසරක් පුනරුත්ථාපනය වුන පසුත් නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා එය සොයා බැලිය යුතුයි.
විජිත් Monday, 28 January 2019 03:37 PM
මේ එඩිතර ඒ වගේම තම රටට, තමන්ගෙන් ඉටුවිය යුතු සේවය අවංකව ඉටුකරන ඔබ සැමට මගෙත් මුළු රටේමත් ප්‍රණාමය පුද කරමි. මේ රැකියාව, ඒ කියන්නේ මත් ද්‍රව්‍ය වැටලීම් ඉතාමත්ම සංවේදී ඒවගේම ඉතාමත්ම භයානක එකක්. මේ නිලධාරීන් හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරයින්ගෙන් කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේද කියා දන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කරන උතුම්ම සේවයක් මේ. ඒ නිසා අප ඔවුන්ව අපට හැකි උපරිමයෙන් ආරක්ෂා කල යුතුයි. ඔවුන්ගේ මතු ආරක්ෂාව උදෙසා ඔවුන්ගේ ඡායාරුප පල නොකලානම් වඩාත් උචිතයි කියලා මම හිතන්නේ. ලෝකයේ බොහෝ රටවල මේ ආරක්ෂණ ක්‍රියාවලිය සිදුකරනවා.
sandy123Monday, 28 January 2019 07:16 PM
ඔබේ අදහසට 100% එකඟයි. නමුත් ඡායාරුප පල කිරීම මම දකින්නේ වෙනත් ආකාරයට. මන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරයින්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරයන් ඡායාරුප පල නොකලත් ඔවුන් සොයා ගන්නවා. වැටලීම කව්රු කොහොම කලාද කියලා මේ අය හොදාකාරව දන්නවා. එතරම් සුක්ෂම ඉත්තන් සෑම පැත්තෙන්ම ඔවුන් සතුයි. මොකද හොද ගතිගුණ ඇති අය මෙන්ම සල්ලි වලට කෑදර පොලිස් නිලධාරියොත් පොලිස් සේවයේ ඉන්න නිසා.
dias Monday, 28 January 2019 03:38 PM
ලංකාවේ මෙච්චර පොලිස් නිලධාරීන් ඉන්නවා කියා මම දැනගෙන හිටියේ නැහැ.
Lal Tuesday, 29 January 2019 02:06 AM
ඔය මැතිඇමැතියන්ගේ ඡායාරුප නම් දැකලම අප්පිරියයි.
ratna P Tuesday, 29 January 2019 09:36 AM
ලංකාවට කුඩු ගෙනෙන සහ අහුවෙන අවස්ථා ගණන බලන විට රටේ ඉන්න ඔක්කොම පොලිස් නිලධාරීන්ට සහ රේගු නිලදරින්ට ලගදීම සම්මාන දෙන්න වෙයි.