(විනීතා එම් ගමගේ)
ජනාධිපති පරිසර සම්මාන 2021 සහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අගෝස්තු මස 23වැනි දා තෙක් දීර්ඝ කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
කොවිඞ් 19 වසංගතය හමුවේ අයදුම්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා වැළැක්වීමේ අරමුණින් සංවිධායකයන් විසින් මෙම තීරණය ගත් බව ද එම අධිකාරිය සඳහන් කරයි.
අයදුම්පත් හා වැඩිවිස්තර මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන්ම 0112872278, 0112873447, 0112873448, 0117877277 යන වෙබ් අඩවිවලින් ලබාගත හැක. එමෙන්ම 1981 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද වැඩි විස්තර ලබාගත හැක. මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙය සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර සම්මාන? නගර, ගම්, දනව්... පොලිතීන්, ප්ලාස්ටික්වලින් පිරිලා.. කුණු ඔක්කොම අවහිර වෙලා පොල්තුඩු වගේ මදුරුවෝ.. රේල් පාර දෙපැත්ත අපායක්... මේ රටට ජපන්නු එන්න අකැමැති අපිරිසිදු නිසා. අහලා දැනගන්න.
බදුර්දීන්ට එකයි, සනත් නිශාන්තට, එස් එම් චන්ද්‍රසේනට එක ගානෙ සම්මාන දෙන්න
පරිසරයට කරලා තියෙන දේ දැක්කාම දේශපාලකයින් තමයි මේකට සම්මාන ලැබිය යුතු අය...
අයැදුම් කළත් නොකළත් භාග්‍යා අබේරත්න දුවත්, දේවිනී අබේරත්න අක්කාත් අමතක කරන්න නම් එපා. ඊට පස්සේ ඔය ඔක්සිජන් නැතුව ජීවත්වෙන හැටි උගන්නන අයටයි පස්, කැලෑ හා ජලය පිළිබඳ විශේෂඥයින්ටයි වාරකන් නිසා මුහුදු ජීවින් මියයන බව ලොවට කියාදුන් අයටයි කැමති සම්මාන අැති තරම් දෙන්න...
පරිසර සම්මාන දෙන්නේ පරිසරය විනාශ කරන අයටද? මොකද ලංකාවේ පරිසරය රකින්න බලධාරීන්ට කිසි වුවමනාවක් නැහැ.
ගිණිගෙන මුහුදුබත් වූ නැව බේරාගෙන පරිසර විනාශය වැළකූ උගත් ඇමැති, වරාය හිටපු සභාපති, සාමුද්‍රිය පරිසර විශාරද නීතීඥ තුමියට.., කැස්බෑවුන් ගල්පරවල වැදී සිය දිවි නසාගන්නා බව සොයාගත් උගතාට, ඡන්දෙ කාලේ කළ උදව් වලට ප්‍රතිඋපකාර ලෙස වනාන්තර එළි පෙහෙළි කරණා හිතවතුන්ට හා තවත් ඒ හා සමාන සේවයක් කළ තමන්ගේ අයට ඇතිතරම් සම්මාන දෙන්න...