IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපති පුටුවට ලොකු පොරයක්

(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන්  දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක ධූර සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සහ ඒ ඒ පක්ෂ තුළම අපේක්ෂක ධූර සම්බන්ධයෙන් පිල් බෙදීම් ඇතිවීම මෙම ගැටුම්කාරී තත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ජනාධිපති ධුරයට තරග වැදීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවගේ පක්ෂ එකඟත්වයකට පැමිණෙන්නේ නම් දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාද ජනාධිපති ධූරයට තරඟ වැදීමට සූදානම් බව  ප්‍රකාශ කළේය. එහෙත් ඔහුට අපේක්ෂක ධූරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ම කැමැත්ත නොදක්වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. යෝජනා කර ඇති එම නම් කිහිපය අතර  ප්‍රසිද්ධ කෝටිපති ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුවන ධම්මික පෙරේරා මහතාගේ නමද වෙතියි  ඔහු සඳහන් කළේය. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.


 

 



අදහස් (11)

ජනපති පුටුවට ලොකු පොරයක්

Sanath Kandy Sunday, 07 January 2024 11:27 AM

පරණ හොරුන්ට ආයේ අවස්ථාවක් නෑ. අනිවාර්‍යයෙන් ඊළඟ ජනාධිපතිවරණය දිනන්නේ අනුර කුමාර දිසානායක...

:       38       91

Hafeel Sunday, 07 January 2024 11:48 AM

පොහොට්ටුවේ අපේක්ෂකයා තේරීපත් වුණොත් මේ රට කුණු කන්ටේනර්වලින් පෝසත් වේවි. බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් කුණු සේරම මෙහාට ඒවි...!

:       9       88

kakshita Sunday, 07 January 2024 01:10 PM

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වෙනම ඡන්ද ක්‍රමයක් ඇති කරන්න ඇමෙරිකාවේ වගේ. මේ රටේ ඒක රජයට අයත් වගකීමක්. මැතිවරණ බලධාරීන් ක්‍රියාත්මක කරන්නේ. පක්ෂ 2කින් දෙන්නෙක් දාල එක්කෙනෙක් තෝරාගන්න කියන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පියවර තියන්න ඕන පක්ෂය ඇතුලේ. එහෙම වුණා නම්, රනිල්, සජිත්, ගෝඨාභය, මෛත්‍රී, බැසිල්, විශ්‍රාම ගිහින් ගොඩක් කල්. එහෙම වුණා නම් මේ වෙනකොට 5 - 6 වගේ පරම්පරා (Generation) ගණනාවක් නායකත්වය ඉදිරියට යන්න තිබුණා.

:       5       49

Kumara Sunday, 07 January 2024 05:38 PM

තොපේ දේශපාලනය ඉවරයි .ආයේ රට හදන්න වේදිකාවට නැග්ගොත්

:       0       2

Lal Sunday, 07 January 2024 05:42 PM

ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි .... රනිල් ජනාධිපති තුමාට අපේ සහය

:       4       1

Arjuna Sunday, 07 January 2024 06:00 PM

මාලිමාවට ජය වේවා !!!

:       3       3

විජිත් Sunday, 07 January 2024 06:05 PM

මෙතෙක් රට පාලනයකොට ,රට හොරාකා ,මිනිමරා ,බන්කොලොත්කල සියලුම දේශකාපාලුවන්ගෙන් තොර වාසනාවන්ත ශ්‍රී ලංකාවක් උදෙසා ,මුළු රටේම අති බහුතරයක් ජනතාව දැනටමත් " අනුර කුමාර දිසානායකව " තෝරාගෙන අවසන්, මාලිමාවට ජයවේවා.

:       1       3

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:26 PM

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දහයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ ජාතික ජනබල වේගයේ අපේක්ෂක අනුර කුමාරගේ ජය්‍රහණය වැලැක්වීමේ අරමුණ ඇතුව. ඒකයි මේ හැම තැනම දැන් ජනාධිපති අපේක්ෂකයෝ කරළියට එන්න පටන් අරන් තියෙන්නේ. ඒ මොන කුමණ්ත්‍රනය කෙරුවත් ජාතික ජනබල වේගයේ අපේක්ෂකයා සීයයට පණහට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නා බව දැන් තහවුරු වෙලා ඉවරයි.

:       2       3

Chathuri - gampaha Sunday, 07 January 2024 09:06 PM

රතුපස්වල මිනීමරුවන්... බන්දුලට ඡන්දෙ දෙන බයියෝ තවත් ඉන්නවද?අපේ ගමෙත් නැහැ. අපි ඔක්කෝම මාලිමාවට...!!!

:       0       3

සල්ලි Monday, 08 January 2024 08:08 AM

කුණු ගොඩවල් හතරක්. මැස්සන් එනකල් බලන් ඉන්නවා. ධම්මික ඔයා ගොන් පාට් එකක් වෙන්න ආසන්නයි.

:       1       2

කමල් Monday, 08 January 2024 01:02 PM

කවුරු කාව දැම්මත් මීළඟ ජනපති අනුර කුමාර මහතා .jvp

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site