IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ජනපති තෝරන කාලයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

ඒ කතානායක වරයා ප්‍රධාන පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුවය.

මේ අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ බවට ප්‍රකාශය කෙරෙන  අද (15) දිනයේ සිට අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ  ඡන්ද විමසීම පැවැත්වෙන ලබන  ලබන 20 වැනිදා දක්වා  පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන  දැඩි කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් සහ හමුදා කණ්ඩායම් සහ  කැරලි මර්දන කණ්ඩායම් කැඳවීමටද පියවර ගෙන ඇත

එසේම පාර්ලිමේන්තුවට මේ කාලයේදී පිටස්තර අමුත්තන් පැමිණීමද තහනම් වන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වීමට පෙර ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසියක්  කිරීමටද පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔයේ නාවික මුරසංචාර වැඩි කිරීමටද  පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

ජනපති තෝරන කාලයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site