IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ගාල්ලට කඩා පනී

(අංජුල මහික වීරරත්න)

ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය.

පෙර දැනුම් දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙනි.

සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයන් කිහිප දෙනකුගේ ද තොරතුරු විමසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (4)

ජනපති ගාල්ලට කඩා පනී

Sunil Saturday, 01 April 2023 06:12 AM

උණවටුණ ලෙස හැඳින්වෙන කුණු කන්ද දුටුවද? මේ නිරීක්ෂණ වලින් නම් කිසිදු ඵලක් නැහැ. සිදුවෙන්නේ හැමදෙනාගෙම කාලය නාස්ති කිරීමක්.

:       0       4

wedage Saturday, 01 April 2023 10:24 AM

කඩන්න තරම් හයියක් තියෙනවද ලොක්කට.

:       0       2

Rata Perata Saturday, 01 April 2023 12:41 PM

ඔයිට වැඩිය හොඳ නැද්ද කැබිනට් එකේ ඉන්න අයගේ ගෙවල්, වත්කම් හොයලා පටන් ගත්ත නම්. මේවා ඔක්කොම බොරු සංදරශෙන. හොරු තමන්ගේ ළඟම ඉන්න හොරු කප්පම්කාරයෝ පෙන්නේ නෑ. නිකම් වටේ අත ගගා ඉන්නවා.

:       0       4

oshara Saturday, 01 April 2023 04:24 PM

කාලයක් ඔහොම පොරක් හිටියා කඩා පැන පැන, වැඩ කිඩ දම දම, අන්තිමේ පොර ගියේ උගෙ කොන්දත් කඩන් රටේ කොන්දත් කඩලා. ජනතාව දැන් දන්නවා ඔය රිලා නැටුම්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site