
(අංජුල මහික වීරරත්න)
ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය.
පෙර දැනුම් දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙනි.
සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.
එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයන් කිහිප දෙනකුගේ ද තොරතුරු විමසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණවටුණ ලෙස හැඳින්වෙන කුණු කන්ද දුටුවද? මේ නිරීක්ෂණ වලින් නම් කිසිදු ඵලක් නැහැ. සිදුවෙන්නේ හැමදෙනාගෙම කාලය නාස්ති කිරීමක්.
කඩන්න තරම් හයියක් තියෙනවද ලොක්කට.
ඔයිට වැඩිය හොඳ නැද්ද කැබිනට් එකේ ඉන්න අයගේ ගෙවල්, වත්කම් හොයලා පටන් ගත්ත නම්. මේවා ඔක්කොම බොරු සංදරශෙන. හොරු තමන්ගේ ළඟම ඉන්න හොරු කප්පම්කාරයෝ පෙන්නේ නෑ. නිකම් වටේ අත ගගා ඉන්නවා.
කාලයක් ඔහොම පොරක් හිටියා කඩා පැන පැන, වැඩ කිඩ දම දම, අන්තිමේ පොර ගියේ උගෙ කොන්දත් කඩන් රටේ කොන්දත් කඩලා. ජනතාව දැන් දන්නවා ඔය රිලා නැටුම්