
(සුජිත් හේවාජුලිගේ)
වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
තම දෙදෙනා තනතුරුවලින් ඉවත් කිරීම ගැටලුවක් නොවන බවත් තනතුරු තිබුණත් නැතත් තම කණ්ඩායමේ සටන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතං ඇති අනුරට හේත්තු වෙන්න... එව්වා හඳේ...
වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්... ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණා නම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ.
මේ තත්වයට රට ගෙනාවාට ඔබතුමාලාත් වගකිව යුතුයි. බැසිල් කියන ඇමෙරිකානුවාව පාර්ලිමේන්තුවට ගේන්න පනත් සම්මත කරන කොට ඔබතුමාලා සංවේදී වෙලා අත ඉස්සුවානේ? එතකොට ඒ ගැන දුරදිග හිතුවේ නැද්ද? දැන් ඒ වරද, නිවැරැදි කරන්න බැහැ නේද? දැන් එළියට බැහැල කෑ ගහලා මොනවා කරන්නද? ඔබතුමාලාගේ ඒ තීරණයෙන් සමස්ථ ජනතාවම පාවාදුන්නා නේද?
ඔබලා නැති වුණත් රටේ සියලු දෙනාම එකාවන්ව ගරු ගෝඨාභය ජනපතිතුමා සමග සිටිනවා... එතුමාගේ අභීත නායකත්වයෙන් අපි සියලු දෙනාම ඉදිරියටම යනවා..
හිටන් ආපහු එයි කියලද හිතාගෙන ඉන්නේ..? මෙරට ඉන්න මෝඩ මිනිසුන් ඒකත් කරන්න බැරිකමක් නැහැ..
මේ රටේ වර්තමානයේ සිදුවී ඇති විනාශයට වගකිව යුතු අය තමයි. දැන් සුදනො වෙන්න හදනවා.
අර එක්කෙනෙක් කියනවා ඇමතිකමින් අයින් වෙන්නේ නැතිලු... ඒත් ඇමැතිකමේ වැඩකරන්නේ නැතිලු...! මාර වාමාංශිකයින්, අනේ ජනපතිතුමනි, ඇයි මේ අය දොට්ට නොදැම්මේ...?
එහෙනම් ඉතින් පාස්පෝර්ට් නඩුව එන්න කාලෙ හරි වගේ...!
මීළඟට ඡන්දෙට අපට ඔලුබක්කෝ නැටුමක් පටන් ගන්න වගේ යන්නේ...!
අලුත්ම නාටකය මේ රටට වෙලා තියෙන දේවල් වලට මෙයාලත් වගකියන්න ඕනෑ..
මේ අය දන්නවා ඊළඟ ඡන්දෙදී රාජපක්ෂලාට ඡන්ද අඩුවෙන බව, ඒ අඩුවෙන ඡන්ද ටික මේ අය වෙනම පක්ෂයකින් ඉල්ලලා ඔවුන් ඒ ඡන්ද ටික ගන්න තමයි ප්ලෑන් එක. මේ අය දැන් මෙච්චර කාලයක් පොහොට්ටු ආණ්ඩුවේ හිටියනේ.. ඉතින් මොකක් හරි සෙතක් වුණාද නෑනේ...? මේ අය රටට කිසිම සෙතක් කරන අය නෙමෙයි. මේ අය කොහොමත් ඡන්ද පදනමක් තියෙන අය නෙමෙයිනේ. කිසිම ප්‍රතිපත්තියක් නැති පිරිසක්... මේ ගොල්ලන්ට කතාව පුළුවන් වුණාට වැඩ බෑ... කටින් කියන්න පුළුවන් අරවා කරන්න පුළුවන්, මෙව්වා කරන්න පුළුවන් කියලා, හැබැයි ඇත්තට වැඩක් කරන්න ගියාම වැඩ බෑ...
ඩබල් ගේම් සෙට් එක. නාට්‍යයක් කරන්න වගේ යන්නේ. ඊළඟ ඡන්දෙදි සෙට් එකම ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා...
මේ අයගේ ඉවත්වීම තුළ කවර හෝ දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා වගේ පේනවා. ගරු අගමැතිතුමා මේ හැම ප්‍රශ්නයකදීම නිහඬව සිටීම මහත් ගැටළුවක්... ඇමැතිකම් මාරුකිරීම සෙල්ලම් ගෙවල් හදන පොඩි ළමයින්ගේ වැඩවගේ හරියට දේශපාලනයේ පරිණත නායකයෙක් වන අගමැතිතුමනි, ඔබතුමා තවමත් මේ රටේ අගමැතිතුමා ඇයි නිහඬව බලා සිටින්නේ...? දැනුම, බුද්ධිය, ඥානය යොදාගෙන විසිවෙන කෙනෙක් විසිවෙන්න ඇරලා ගේම ගහන්න බැරි ඇයි? මීඩියා වලට බොරු කියන එක ලොකු අයියාගේ ළඟ සිට නතර කරන්න...
මේ වෙලාවේ රට පාලනය කරන්න ඩුබායි සෝමා හිටියොත් අපි සේරම ගොඩ...
විමල් මහත්තයෝ රතු එළියත් එක්ක ඔය ගමන යන්න හැදුවොත් නම් සොරිම තමයි...
මේ අය නම් පුදුම සෙට් එකක් අප්පා... දැන් ආයේ දඟලනවා බොරුවට...!
නරිවාදම නම් තියෙනවා. කරපු දේවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. ජනතාව ගොනාට අන්දවන්ට වගේ හදන්නේ... ලැජ්ජයි ...!
කොහොමත් මේ ආණ්ඩුව ජනතාවට වැඩක් කරලා නෑ. උද්දච්චකම තිබුණාට ගන්නේ මොට්ට මෝඩ තීන්දු... මොවුන් ආණ්ඩුවෙන් ඉවත්වුණා කියලා මොවුන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. ජනතා අප්‍රසාදය මධ්‍යයේ බොරු ප්රගතිශීලි බවක් පෙන්නලා බලය ගන්න මාන බැලුවාට ඒවා හරියන්නේ නෑ. කරපුවා අපට මතකයි...
අනේ..., එළියේ හිටියත් එකයි, ඇතුලේ හිටියත් එකයි...!
ටික දවසකට හරි ප්‍රශ්න ටික අමතක වෙන්න පොඩි විනෝදයක් දුන්නු ඔබ දෙපලට පිං... අවුරුදු 2ක් තිස්සේ රිංගන් ඉඳලා 20ටත් අත උස්සලා මොල හතා ගෙනැල්ලා.. දැන් එළියට ආවාම සේරම හරි...
අකුදි එයි කියලා හිතන් ඉන්න සුළුතරයක් වුණත් පව්.... වසර 60 ක් ඉන්නේ බලන්..
බොරු නාටක, විරුවා අවංක කෙළින් වැඩකරන, වැඩකාරයකු බව ජනතාවට වේදිකාවල 2019දී බෙරිහන් දුන්නේ ඔබලා නේද? දැන් වැරැද්ද බාරඅරන් දෝෂාභියෝගයක් ගෙනත් සර් ගෙදර යවන්න. එහෙම නැතිනම්, සෙට් එකම ලබන ඡන්දේදී ගෙදර යන්න බලාපොරොත්තු වෙන්න. අපිව හැමදාම අන්දවන්න බෑ...
දැන් ඔයගොල්ලන්ට කාලේ ඇවිත් තියෙනවා... ගෙදර ගිහින් ඔය ලැබෙන විශ්‍රාම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද සමග පිනක් දහමක් කරගෙන හෝ ඉතිරි කාලය වෙන දිවියකට යොමු කිරීමට... අවුරුදු 74 තිස්සේම කරපු කියපු දේ මිනිසුන් හොඳින්ම දනී. රටේ සුදුසුකම් ඇති බුද්ධියෙන් ඉහළ තරුණ පරපුරටත් අවස්ථාවක් දිය යුතුයි. වයෝවෘද්ධ හණමිටි අදහස් දරණ මෙවැනි දේශපාලකයින්ගෙන් අදට ගැලපෙන රටට හා ඡනතා සුබසිද්ධිය සඳහා සැලැස්මක් කිසිදිනක බලාපොරොත්තු විය නොහැක. අද ලෝකය ඉතාමත්ම දියුණුයි. ඔවුන්ට ඒ බව පවා තේරුම් ගත නොහැකිය. මෙවැනි ආත්මාර්ථකාමීන්ගෙන් රටට බලාපොරොත්තු විය හැක්කේ තමන් සරණං ගච්ඡාමි! පමණයිි.
මේවා රංගන විජ්ජා... කවුරුවත් රැවටෙන්න එපා...!
මේවා කාලා දැම්මේ ඔබලාම තමයි...
නාට්‍ය සම්මාන දෙන එක මීට පස්සේ සලකා බලන්න ඕනෑ. මේ වගේ දක්ෂයින් දැක්කාම... මොනවා කළත් අපිට ඇත්ත තේරෙනවා.
මෙයාලා කතාවට රංගනයට දක්ෂ වුණාට මෙලෝ වැඩක් බෑ. දැන් අවස්ථාව බලලා බොරු ප්රගතිශීලි බවක් පෙන්නලා මීළඟ බල ව්‍යාපෘතියටයි මේ කුරුමානම අල්ලන්නේ...!
ඒ කියන්නේ පොල් කඩන්නවත් යන්න හිතාගෙන ඉන්නවද? නැතිනම් විජේවීරගේ පුතාටවත් හේත්තුවෙන්න යනවද?
නාමල් යටතේ නම් හා අම්මේ...
මෙයාගේ අවසානය සමගි පෙරමුණෙන් ඉවර වෙයි කියලා හිතෙන්නේ මට විතරද?
මේක නාට්‍යයක්...!
ඉදිරියට කෙසේ වෙතත් ඇතුළට නම් යාවි...!
අබමල් රේණුවක මොළයක් තියෙන ඡන්ද දායකයින් ලංකාවේ සිටියොත් අඩුම තරමින් පළාත්පාලන ආයතනයක සභික ධුරයක්වත් ගන්න නම් බැරිවේවි.. එහෙම වුණාම ඇමති තනතුරු කොයින්ද?
මේවා ඔක්කොම නාටක වගෙයි පෙනීයන්නේ. ආණ්ඩුවෙන් ඇයි නොයන්නේ? ආණ්ඩුවෙන් නොගිහින් ඒ තුළම රැඳී සිටිමින් කරනා මේ රඟපෑම් උප්පරවැට්ටි නොවේද?
දැන්වත් මොලේ පෑදුණු එක හොඳයි. වහල්ලුන්ට නම් මෙච්චර වෙලා මදි තවත් ඕනැලු...