
(අංජුල මහික වීරරත්න)
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය එක්ව මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබිණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසූයේ ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට රජ්ය අංශයේ ප්රධාන ස්ථානයක් බවයි. ජනාධිපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවගේ ඉෆ්තාර් උත්සවයට සුබපැතුම් එක් කරන බව ජනාධිපති ලේකම්වරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd