(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇතැයිද එය තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් යැයිද හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසීය.

මෙම ජනාධිපති කොමිසම "පිස්සු පූසා වාර්තාව" පදනම් කරගෙන පරීක්ෂණ කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා එම කොමිසමේ සාක්කි දීමට නොයන බව දන්වා තිබෙන්නේ යැයි ද පැවසීය.

රට මුහුණ දී ඇති අර්බුද මධ්‍යයේ තමා මෙම කොමිසම හමුවට කැඳවා තිබෙන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.