අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ආරක්ෂක විෂයබාර ජනාධිපතිතුමාගේ අනු දැනුමක් නැතුව ඒ අංශ ක්‍රියාත්මක් වනවා නම් එය රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව ඕමල්පේ සොභිත හිමියෝ කියති.
ඇඹිලිපිටියේ දී අද (20) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ සොභිත හිමියෝ මෙසේ ද කීහ.
ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංදේශයක් ඉදිරිපත් කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් පැමිණි අවස්ථාවේ සිදුවුණ ක්‍රියාවලිය අතිශයින් සංවේගදායකයි. පසුගියදා ජනමාධ්‍ය මගින් දුටු ඒ දර්ශනය හදවත අතිශයින් කම්පා කරවන එකක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඒ භික්ෂූන් වහන්සේලාගෙන කොටසක් ගෙන්වලා සාකච්ඡා කර තිබුණා.
එතුමා ඒ සිද්ධිය දන්නේ නෑ කියලා සමාව ඉල්ලලා තිබුණා. භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න පොරොන්දුක් වෙලා තියනවා. ඒක ඉතාම හොඳයි. හැබැයි ඒ එක්කම ප්‍රශ්න රාශියක් පැන නගිනවා.
නීතිය, සාමය යන විෂයන් සම්බන්ධ විෂයභාරව කටයුතු කරන්නේ ගරු ජනාධිපතිතුමා. එතකොට ගරු ජනාධිපතිතුමාගේ දැනුමකින් තොරව එතුමාගේ විෂය කේෂ්ත්රයෙහි බලතල ඉක්මවා, කටයුතු කරන්නේ කවුද කියන ප්රශ්නය පැන නගිනවා.
එතකොට එවැනි සිදුවීමක් ජනාධිපතිතුමාගේ අනුදැනුමකින් තොරව සිදුවනවා නම් එය රටේ නීතිය හා සාමය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති කරවනවා. වගකිවයුතු අමාත්‍යාංශයක අණ නියමය කිරීමකින් තොරව ක්‍රියා කරනවා නම් පොලීසිය, ආරක්ෂක අංශ කාගේ නියමයක් ද කාගේ අණක් ද, කාගේ අදහසක් ද මේ ක්‍රියාත්මක කරන්නේ කියන අදහස සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ජනතාව තුල පැනනගිනවා. මෙ වගේ කටයුතු වෙනවානම් ඒක රටේ ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ හදිසි අවස්ථාවකදී පොලිසියට ක්‍රියාත්මක විය හැකි වෙනවා. නීති කඩ කරන රටේ ආරක්ෂාවට තර්ජනයක් නම් ලෝකයේ ඕනෑම රටක පොලිසියට වහා ක්‍රියාත්මක විය හැක
මේ නීතියක් නැති රටක් කියලා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සිදු වුන දේවල් දිහා බැලුවම තේරුනේ නැද්ද?
කවුරු නියෝග දුන්නත් වැඩේ ඉතාම සාධාරණයි.
අනේ මේ... ඔය හාමුදුරුවෝ කවුද කියලා අපි දන්නවා. සිරිසේනට කඩේ යන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවද? මෙච්චර කාලයක් කලේ රටේ යහපත වෙනුවෙන් කරපු වැඩ නෙමේ. ගිනි තියන එක. බය නැතුව මේවා මම කියන්නේ තමුන්නාන්සේ ගැන දන්නා හින්දයි. තවත් ගිනි නොතියා ඉන්නවද? බුදු බණ පැත්තක තියලා වැදි බණ කියන්න හදන්න එපා.
බොහොම හොඳයි හාමුදුරුවනේ... ඔය ශ්‍රද්ධාව එදා අර ඇඹිලිපිටියේ හිටපු ඒ එස් පී අහිංසක දරු දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් මරපු වෙලාවේ තිබුණා නම් කොච්චර හොඳයිද...? එම අසරණ දරු පවුලක් අනාථ කරලා .. අසරණ වෙච්ච එම තරුණ මව සහ දරුදෙන්නා ගැන .. සොයා බලන්න තරම් ශ්‍රද්ධාවක් තිබුනේ නැහැ එ් වෙලාවේ අපි නම් දැක්කේ ඒ.එස්.පී. ට ආරක්ෂාව සපයනවා.. ඔය චීවරය දාගත්තටම හාමුදුරුනමක් වෙන්න බැහැ. අද ඕක වැඩි පුරාම යොදවන්නේ අපරාධ, දූෂණ, තක්කඩිකම් වලට නිසා ශාසනයම කාලයි තියෙන්නේ... ඔය හිරේ ඉන්න කෙනත් බණක් කියලම ගත්තොත් තමයි හොඳ ආ..ඔය කණ්ඩායමෙනේ ඉන්නේ දුමින්දගේ කට්ටිය.. එයාවත් නිදහස් කරන්න කියලා කිව්වේ.. අනෙක් කෙනා කිව්වේ ජනබලයට මත් වතුර බීවට එ්කේ වරදක් දකින්නේ නැහැ කියලයි.. ඉතින් බුද්ධාගමට දෙවියන්ගේම පිහිටයි.. හොඳේ..
ගරුතර ස්වාමීන්වහන්ස, මෙම සිදුවීම සිදුවුයේ අධි ආරක්ෂිත කලාපයක වන අතර එම අවස්ථාවේ උද්ඝෝෂණයේ ස්වභාවය අනුව මැඩ පැවැත්වීමට ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ පොලිස් නිර්නායකයන් පවතී. ඒ පිළිබඳව අදාල අමාත්‍යවරයාගෙන් හෝ ගරු අගමැතිවරයාගෙන් හෝ ගරු ජනාධිපතිවරයාගෙන් එම අවස්ථාවේ විමසීමක් හෝ අවසරයක් නොගනී. ඔබ වහනේසේ බුදුදහම වැනි අතිශය වැදගත් ධර්ම කාරණා පිළිබඳ මතයන් පලකිරීම සුදුසු වන අතර මෙවන් සමාජ පරිපාලන කාරණාවලට අත දැමීමෙන් අකලට නිවන්සුව ලැබීමට සිදුවිය හැකි බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි...
ජනාදිපති මේ ගැන දැනගෙන තියෙන්නේ පත්තරෙන්නේ අපේ හාමුදුරුවනේ ... !
නායක හාමුදුරුවනේ 2015 ජනවාරි 8 වෙනිදාට පෙර තිබුන තත්වය නැවතත් පටන් අරගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය සියල්ලමත් ඒක පාර්ශිකවෙලා. මේවා ජනාධිපති නොදන්නවා කියනවා නම් 2015 දි ජනතාව ප්‍රතික්ෂේප කල දේ 2018 ඔක්තෝබර් 26 සිට නැවත පටන්ගෙන තියෙනවා. කියලා සිතන්න වෙනවා.
තාමත් ජනපති ගෙ කතා මිනිස්සු විශ්වාස කරනවනේ....
හපෝ දෙයියනේ... පන්සලේ කඨින පෙරහැර යනකොටද මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ?
ඊට ඉහල බලධාරීන් දැන් ඉන්නවා අපේ හාමුදුරුවනේ... අති ගරු විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, ගම්මන්පිල, ඩලස් වගේ ඔය කොයිකාටත් දැන් පුළුවනි ඉහළින් යන්න!
වෙන කවුද ඉතිං...
කාට වුනත් රටේ නීතියක් තියනවා . රාජකාරි කරන අයත් වැඩකරන්න ඕන රටේ නීතියට. එකයි නීතිය ...... අපි මහජනයාත් නීතියට ගරු කල යුතුයි අපේ හාමුදුරුවනේ , එකය් ඇත්ත , ඇත්ත තමයි ධර්මය , ධර්මය පිළිපදින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා . හොද නරක දෙකෙන් තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ. ගොනාගේ පසුපස කරත්තය එනවා වගේ හොද නරක පස්සෙන් එන එක කාටවත් වලක්වන්න බැහැ .
කව්ද ඉතින් ජනාධිපතිම තමයි .... අරයට මැදමුලනෙට යන්න මම හෙලිකොටර් දෙකක් දුන්න කියලා පසුව අහනවා නේද මමද ඒවා දුන්නේ කියලා ?
රාත්‍රී දහයෙන් පසු නම් ජනාධිපති දන්නේ නැහැ. මොකද එයා දහයට නිදි.
තනතුරු තාන්න මාන්න දැන් බල්ලට ගිහින්. ඒකයි හැමෝම දැන් නිතිය අතට අරන් තියෙන්නේ.
හාමුදුරුවනේ බණක් දහමක් කරගෙන, දෙනදෙයක් කාලා නිවනට යන්න බලන්න. පාලි, සංස්කෘත ඉගෙනගත්තා කියලා ලෝකය ගැන අවබෝධයක් නැති බව දැනගන්න. හැම එකටම කට දාන්න නිවිලම යන්න යාවි...