
(අංජුල මහික වීරරත්න)
සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු ආයෝජන නිසි පරිදි සිදු කරන ලෙසද ජනාධිපතිවරයා කීය. දිවයින පුරා විසිරී තිබෙන වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් වෙනුවට, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ මැදිහත්වීමෙන් ජාතික වෘත්තීය අධ්‍යාපන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට අද (29) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත සාමාන්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන යන අංශ තුන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කෙරිණි.
“ශ්‍රී ලාංකික අනන්‍යතාව බෙදා ගන්නා දක්ෂ පුරවැසියන් තුළින් ගෝලීය සමාජයේ විශිෂ්ටත්වය කරා ළඟා වීම” යන දැක්ම යටතේ වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් අවධානය යොමු කෙරිණි.
විදේශ ආධාර යටතේ පාසල් පද්ධතියේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP), ද්වීතියික අධ්‍යාපන ආංශික සංවර්ධන ව්‍යාපෘතිය (SESIP) ආදී ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
දීර්ඝකාලයක් පුරා පාසල්වල ක්‍රියාත්මක වන ව්‍යාපෘති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ප්‍රාථමික පාසල් සංවර්ධනය ඇතුළු පාසල් සංවර්ධන වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
2025 නොවැම්බර් මස 04
94
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති අධ්‍යාපන අමාත්‍යංශය කැඳවයි