(සුජිත් හේවාජුලිගේ )
රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රට සති දෙකක් වසා දමන්නැයි කියන වෛද්‍ය සංගම්වල නියෝජිතයන් ඒ කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගී වූයේ යැයි ද යුද හමුදාපතිවරයා කීවේය.
කියන දෙයක් ජනාධිපතිතුමා සිටින රැස්වීමේදී ප්‍රකාශ කළේ නම් ඒ ගැන නම් පුළුල්ව සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට අවකාශ සැලසෙන බවත් රැස්වීමේදී කතා නොකළ දෙයක් පසුව රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශවලදී අසන්නට ලැබුණු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සාකච්ඡාව අවසානයේදී තවත් කිරීමට අතපසු වූ දේවල් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් විමසන බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ කිසිම අවස්ථාවකදී මෙවැනි කාරණයක් ගැන අදහසක් ඉදිරිපත් නොවූ බවද පැවසුවේය
පසුගිය සාකච්ඡාවලදී වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව රටපුරා විවිධ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කී හමුදාපතිවරයා සියලු කොරෝනා පාලන කටයුතු සිදු කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි ද අවධාරණය කළේය .
වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට සූදානමක් නැතැයි ඔහු වැඩිදුරටත් කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි. ඔය කොළඹ හතේ ඉන්න වෛද්‍ය සංගම් වල අය එහෙම මදිපුංචිකමක් ජනාධිපතිතුමාට කළා නම් කොහොමටවත් රට වහන්න එපා.
හමුදා පාලනයේ ලක්ෂණ... චීන උපදෙස් වෙන්න ඇති. එහේ පාලනයත් මේ වගේම තමයි.
එයා ඔක්කොම දන්න විශේෂඥයෙක්නේ... විෂයේ වෘත්තීකයන්ගෙන් උපදෙස් ගන්න නිහතමානී කමක් පේන්න නැහැ.
රටේ වර්තමාන තත්වය අනුව රට වහන්න ඕනෑද? නැතිද? කියලා කියන්න වෛද්‍ය විශේෂඥයන්ම අවශ්‍යද? තමන්ට ඔළුවක් නැතිද?
මෙයාම නේද කිව්වේ කිසිසේත්ම රට වසා දමන්නේ නැහැ කියලා..? බීරි අලින්ට වීණා වයලා වැඩක් නැහැ කියලා උගත් උදවිය දන්නවා. හරි දැන් එයාලා කිව්වනේ. ඔයාලා ගිහින් සර්ට කියන්න.
කිව්වේ කොහෙදීද හොයන්නේ නැතිව රෝග පාලනය ගැන දන්නේ දොස්තර මහත්‍තුරු නිසා..., වැඩේ ඒ අය කියන විදියට කළොත් ගොඩ නැතිනම් අලුම තමයි..
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා අමතකයි වගේ. ඕනෑම කෙනෙකුට අදහස් පල කරන්න පුළුවන්. ඒක ජනාධිපතිගෙන් අහන්න ඕනෑද?
ලෙඩ්ඩු වුණත් ඔහොම තමයි.. පස්සේ තමයි කියන්නේ...
ජනතාව ඇත්ත දැනගත යුතුයි...
ඇත්තටම සාමාන්‍ය ජනතාව හැටියට අපටත් මෙය ප්‍රහේලිකාවක්. මේ වෙද සංගම් බොහොමයක් මාධ්‍ය ඉදිරියට ඇවිත් කරන්නේ ජනතාව බිය වැද්දීමයි.
හමුදාපතිතුමා, අපි මේ නිල්, රතු, කොළ පොහොට්ටු ඇතුළු කිසිඳු දේශපාලන අවතාර නොවෙයි. අප කතාකරන්නේ අප හිතට එකඟවයි. ඔබතුමා ඇත්තටම මොකක්ද මේ රටට කරන විනයේ අරුත... හමුදාව හා යුද්ධය ගැන දන්නා ඔබතුමා මේ දේශපාලකයින්ගේ ඉත්තකු වෙලා තමන් නොදන්නා වෛද්‍ය විද්‍යාව ගැන තීන්දු තීරණ දෙන්නට යන්නේ මන්ද කියන එකයි අපට තියෙන ගැටලුව. වෛද්‍ය අංශ සංගම් කිහිපයක් එකතුවෙලා ජනපතිට ලිඛිතව දැනුම්දුන් දේ ගැන ඔබතුමා දන්නෙම නැද්ද? උගත් වෛද්‍යවරුන් ඔය දේශපාලකයන් වගේ පුහු මාධ්‍ය සාකච්ඡා වලට, කෙස් පැලෙන තර්ක විතර්කවලට එන්නේ නැහැ. වෛද්‍ය මතය ක්‍රියාත්මක කරනවා කිව්වාට රටේ ක්‍රියාත්මක වෙන්නේ වෙනත් දේවල්. කවුරු රට රවටන්න හැදුවත්, උඩ ඉන්නා දෙවියෝ ඒවා පෙන්නුම් කරනවා. එක එක්කෙනාගේ පදේට නටපු අය අතීතයේත් හිටියා. අන්තිමේ ඒ අයට හොඳක් නම් වුනේ නැහැ...
ඒ මොකක්වත් දැන් වැඩක් නැහැනේ.., ප්‍රොෆෙසර් මලික් පීරිස් මහතා උදාහරණ අරන් පෙන්වාදුන්න දින කිහිපයකට විතරක් රට ලොක් ඩවුන් කිරීමෙන් කිසිම ඵලක් නැහැ කියලා, කරුණාකරලා දැන්වත් හරිදේ කරන්න..
සමහර ඒවා තියනවා තේරුම් ගන්න ඕන කතා කරන දේවල්... තත්ත්වය පැහැදිලි කරන එක කරන්නේ... කෙළින්ම කියන්නේ නෑ. එහෙම තේරුම් ගන්න බැරි ජනාධිපති කෙනෙක් රටට මොකටද?
අනිල් ජාසිංහ මහත්තයා වගේ කළින් කිව්වා නම් හරිනේ.. මේක ප්‍රෙහ්ළිකාවක්ම තමයි.
කරුණාකර පෝක් සමුද්‍රසන්ධිය ධීවරයින්ට තහනම් කලාපයක් කරන්න.. සුදු දලීර, කළු දිලීර සියල්ලම එන්නේ ඉන්දියාවෙන්... ධීවර කර්මාන්තයට යන අය කිසිම විදියක පරීක්ෂණයකට ලක්වෙන්නේ නැහැ. ඔවුන් මුහුද හරහා ඕනේ තරම් ලෙඩ ගෙනෙන්න පුළුවන්... ඒ එක්කම ඉන්දියාවෙන් හොරෙන් ලෙඩ්ඩු එන්නත් පුළුවන්. දැනටත් අපි පරිප්පු කන්නේ මේ ආකාරයට රටතුලට ආපු ලෙඩ්ඩුන්ගෙන් පැතිරුණු කොවිඩ් නිසා වෙන්න පුළුවන්... මේකට තීරණයක් ගන්න බැරිනම් ඔබතුමාලත් වගකියන්න ඕනේ.
දැම්ම තියා ඡන්දෙට ලෑස්ති වෙනවා නේද තුමනි... පංකාදුයි. දැං ඔය උපදෙස් ගන්න වෛද්‍ය විශේෂඥයින් කවුද?
කියපු නැති එකද ඇහෙන්නේ නැති එකද ප්‍රශ්නේ? සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කැබිනට් එකේදි සතිදෙකකට ලොක් ඩවුන් කරන්න කියපු එක අහපු නැති අය වෙන දොස්තරලා කියන දේ අහයිද?
ඔය කට්ටිය තමයි ඔතනත් ගෙනාවේ... දැන් එයාලා කියන දේ අහන්නේ නැහැනේ...
රටම ලොක්ඩවුන් කරනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් මාධ්‍යයට පැවසුවා. කවුද බොරු කියන්නේ?
මෙතුමා ඉතාම ගරු කටයුතු යුද සෙනෙවියෙක්. කුහකකමක් නැතිව කවුරුත් එ්ක පිළිගන්න ඕනෑ. ඒ හින්දා මෙතුමා කියන්නේ ඇත්තක් නම් ඔය සංගම් කියන්නේ බොරු වෙන්න ඕනෑ. නැත්නම් මෙතුමා කියන්නේ බොරු වෙන්න ඕනෑ. කොහොමත් ඔය සමහර සංගම්වල අතීතය ඒ තරම් හොඳ නැහැ නොවැ. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මහාචාර්ය මලවිගේ, දොස්තර චන්දිම, ආනන්ද විජේවික්‍රම, මොනවත් ඕන නැහැ.. ඊයේ පෙරේදා මහාචාර්ය මලික් පීරිස් වගේ දැවන්තයෝත් කිව්වේ එකම කතාවක්... ජනාධිපතිතුමා එ්ක දැනගෙන හිටියේ නැහැ කියනවා නම් එතන බරපතම අඩුවක් තියනවා. ඔය වගේ දෙයක් යුද්ධය කාලේදී වුණා නම් අද අපි මෙතැන නැතිවෙන්න තිබුණා. එ්කහින්දා දැන් අපට කිව්වේ නැහැ අපි දන්නේ නැහැ වගේ යහපාලන පන්නයේ කතා නොකිය සත්‍යයට මුහුණ දෙන්න. අනික මීට ටික දවසකට කලින් ලංකාවේ ඉන්න ප්‍රධාන පෙලේ වෛද්‍ය සංගම් 04ක් ... එතුමාට ලියපු ලියුමත් දැක්කේ නැතිද? එක මාධ්‍යයෙත් ගියා නොවැ... ඒ අය ජනපති එක්ක සාකච්ඡාවකුත් තිබ්බා නොවැ...
මට හිතෙන්නේ සර් දොස්තර මහත්වරුන්ට මාධ්‍ය ජනාධිපතිතුමාට වඩා විශ්වාස ඇති. අපි කවුරුත් යමක් කියන්නේ වඩාත්ම විශ්වාස දායකයාටනේ...
ඒ කට්ටියගේ නම් දැම්මා නම් හරි. ඇත්තටම එහෙම අවශ්‍ය තැනදී නොකිව්වා නම් වැරදියි. ඒ වගේම කිව්වා නම් ඒ අයට ඒ ගැන පැහැදිලි කරන්නත් පුළුවන්. දෙපැත්තෙන් කඹ අදින්නේ නැතුව මේ වෙලාවේ එකතුවෙලා වැඩකරන්න....
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙතූමාට කියාදෙන්න...
ඔක්කොම දන්නවා සුදුවෑන් කියන්නේ මොනවටද කියලා...?
මහත්තයෝ, මේ වාද විවාද කර කර ඉන්න වෙලාවක් නෙවෙයි. බලන්න දවසකට මැරෙන ගණන, පත්තරේ තියෙනවාට වඩා කොච්චර මැරෙනවද? කරුණාකර වෛද්‍යවරුන්ට කන්දෙන්න...
මම හිතන්නේ ඔවුන් කළේ මුලුමහත් රටටත්, ජනතාවටත් කළ හැකි හොඳම දෙය වෙන්න ඇති.. ඇතැම් විට මේ පැන්නේ හදවතෙහි තෙරපි තරෙපි තිබුණු ඔවුන්ගේ හෘදසාක්ෂිය වෙන්න ඇති...
එයාගේ ඉතිහාසය නිසා බයට නොකියන්න ඇති සමහර විට...
ලෝකයේ කිසිම රටක් කොරෝනා මර්ධනයට හමුදාව කැඳවලා නැහැ..
ඒ මහත්වරු රජය අපහසුතාවට පත්කර ජනතාව ඉදිරියේ හොඳ මූණ පෙන්වනවද මේ අසීරු අවස්ථාවේ.. ?
ඔබ වැනි යුද වීරයකු මේ තත්වයට වැටීම ඉතා කණගාටුදායකයි. ඔබතුමා ඇතුළු ආරක්‍ෂක අංශ ඉතා ප්‍රශංසනීය සේවාවක් කෝවිඩ් මර්ධනය සඳහා ඉටු කරන බව නිවැරදිය. කෙසේ වෙතත්, කෝවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විතයේ දී එහි වඩාත් උවිත හා කාලීන තීරණ ගැනීමට හැකි වනු පිණිස එහි ප්‍රධානී විය යුත්තේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානියකු විය යුතු අතර (පසුගිය රජය විසින් ආරක්‍ෂක ලේකම් ලෙස ඒ පිළිබඳ එයට නොගැලපෙන නිලධාරියකු පත් කර තිබීම මෑත කාලීන උදාහරණයකි), ඔවුන්ට සුදුසු නිර්දේශ ලබාදීමට නිදහස තිබිය යුතුයි. එම නිර්දේශ වලට ප්‍රමුඛතාවය දෙන අතර අනෙකුත් අංශ (ආර්ථික, වැනි...) වලද අවශ්‍යතා සැලකිල්ලට ගෙන අවසන් තීරණය ජනපති (හෝ වෙනත්) ගත යුතු අතර එය ක්‍රියාත්මක කිරීමේදී ආරක්‍ෂක අංශ සේවය ලබාදීම වඩාත් සුදුසුයි...
මේ වනවිට රට ඉතා අවදානම් තත්ත්වයට පත්වීමට සෘජු ලෙස බල පෑ කරුණ නම්, (1). වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හා සෞඛ්‍ය අ. ජනරාල් තනතුරු සඳහා දේශපාලනික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් නිර්දේශ ලබා ගත හැකි නිලධාරීන් පත්කර තිබීම. (2). පසුගිය මාර්තු වල සිටම, පීසීආර් පරීක්‍ෂණ ප්‍රමාණය අඩු කර (ආසන්න ලෙස 15000 සිට 3500 දක්වා), රෝගීන් සංඛ්‍යාව ක්‍රමාණකුලව අඩු වෙමින් පවතින බවට වැරදි චිත්‍රයක් වසංගත රෝග අංශයේද සහායෙන් රට තුළ ඇති කිරීම. (3). පරීක්‍ෂණ අඩු කිරීම හේතුවෙන්, කොවිඩ් වැළඳී ඇති බවට ඉතා සැක පුද්ගලයින්ට පවා සමාජය තුළ ගැවසීමට අවස්ථාව සැලසීම. (4). පරීක්‍ෂණ ප්‍රමාණය සීමා කර, ව්‍යාජ ලෙස රෝගින් අඩු බවට වාර්ථා වූ තත්ත්වය තිබිය දී සිංහල අවුරුද්ද කාලය තුළ පැවැති නිරෝධායන නීති ක්‍රියාත්මක නොවීම (ලියකියවිලි වලට පමණක් සීමා වී තිබීම). (5) විශේෂයෙන් පී.එච්.අයි. සහ රවි කුමුදේශ් මහතාගේ වැනි වෘත්තීය සමිති මෙන්ම ජී.එම්.ඕ. විසින් ද පරීක්‍ෂණ වැඩි කිරීමට කර තිබූ ඉල්ලීම් ක්‍රියාත්මක නොවීම. (6) ඉහත වෘත්තීය සමිති විසින්ම, අවූරුද්ද අවසන් වීමත් සමගම රට තුළ සංචරණ සීමා ඇතිකිරීමේ අවශ්‍යතාවය නැවත නැවතත් පෙන්වා දුන්නද, එය ක්‍රියාත්මක නොකිරීම..
වෛද්‍යවරුන්ව තුට්ටුවකට ගණන් ගන්න එපා. ඔබතුමාත් ජනාධිපතිතුමාත් ඔක්කොම දන්නවනේ... ඒක නිසා මනාපය අනුව කටයුතු කරන්න. දැනටමත් බොහොම හොඳින් කොරෝනා වසංගතය පාලනය කරලා තියෙනවනේ. නොම්මර 01..!!!
වැඩේ අවුල් වේගෙන එනකොට එක එක්කෙනාට චෝදනා කිරීම් ඇරඹේ..
බල්ලගේ වැඩේ බූරුවෙක් කරන්න ගිහින් දැන් හොරුන්ගෙන් පොලු පාරවල් කනකොට හූ කියනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එනකොට නිරෝධායනය කරන ආකාරයත්..., විදේශිකයන් එනකොට ඔවුන්ට සලකන විදියත් ප්‍රහේලිකාවක් තමයි...
බලය විමධ්‍යගත කිරීම යන්න ඔබට නොතේරීම අපට ප්‍රහේලිකාවක්...
ඔයාලගේ කනට කරලාම කියන්න ඕනෑද රටේ තත්වය ගැන අදහසක් නැතිම වෙන්න තරම්...? මෙයාලා බාබාලාද?
ඔබ ඕනෑම ප්‍රහේලිකාවක් විසඳීමට තරම් දක්ෂයෙක් නේද?
ඔවුන් මාධ්‍යයට කියා සිටියේ ලිපියකින් මේ බව ජනාධිපතිතුමාට දන්වපු බවයි.
යම් ප්‍රජාවක විශ්වාසය මා වෙත දිනා ගැනීමට නොහැකි නම් එය මාගේ වරද මිස ඔවුන්ගේ වරද නොවන බව මා ඉතා ළාබාල වියේ සිටම දනිමු.
මොකෝ මාධ්‍යවලට කිව්වාම වෙන්නේ... ජනාධිපතිට කලින් කියන්න කියලා නියමයක් තියෙනවද? ජනාධිපති පුවත් සංස්කරණය කරනා කෙනාද? ජනමාධ්‍ය කියන්නේ රටක ජනතාවගේ අයිතිය. ඒ අයිතියට බලපෑම් කරන්න ජනපතිට හෝ හමුදාපතිට හෝ වෙනත් කෙනෙකුට හෝ බැහැ. ඒ කියන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරන්න හෝ එය වැළැක්වීමට කිසිවෙකුට බැහැ. මේ එන්නේ ඒ අයිතියටත් බලපෑම් කරන්නට වගේ. ඒ නිසා මේ ප්‍රකාශය නොකළ යුතු ප්‍රකාශයක් ලෙසටයි අප හට පෙනී යන්නේ... මෙය කිසියම් ඒකාධිපති වාදයක් කරා ජනතාවට බලපෑම් කිරීමක් නොවන්නේද?
නිසි වෙලාවට එන්නත් ඇණවුම් නොකර දැන් වැඩේ අවුල් වුණාම එක එක කතා කියනවා. නන්දසේනට කිව්වා කියලා එයා කුමක් කරන්නද? එයාට පුළුවන්ද ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න..? එයාට පුළුවන්ද එන්නත් ගෙන්වන්න..?
මොන විදිහට ප්‍රකාශ කළත් ජනාධිපති දැනුවත් වෙන්න ඕනෑනේ.. මේ මිනිස්සු මේ තරම් මාධ්‍යයට කියනකොට ජනාධිපතිට යුතුකමක් තියෙනවා මේ අය කැඳවලා පවතින තත්වය ගැන විමසන්න මොකද මාධ්‍යවල පළවෙන සහ විකාශය වෙන මේ තොරතුරු ජනාධිපතිවරයා නොදන්නවා වෙන්න බැහැනේ. ජනාධිපති මාධ්‍ය ඒකකයක් මහජන මුදල් වලින් පඩි ගෙවලා පවත්වාගෙන යන්නෙ කොස් කොටන්න නෙමේ.. සියළුම මාධ්‍යවල ප්‍රවෘත්ති මෙතැනින් මොනිටර් වෙනවනේ... පත්තරවලට කිව්වා මට කිව්වේ නෑ කියලා කළයුතු දේ නොකර ඉන්නේ උද්ධච්ඡ කමට මිස මනුස්සකමට නෙමේ. ඒවා සුද්ද කරන්න ගිහින් මේ හමුදාපතිවරයාත් ඔහුගේ කීර්ති නාමය නැතිකරගන්නවා..
ඕක ඔතනට ඇවිල්ලා කණටම කියන්න ඕනෑද? සමාජ ජාලා ක්‍රියාකාරීන්ට විරුද්ධව කටයුතු කරන්නේ මේ අයට කියලා නෙමෙයිනේ. යම්කිසි ආත්මාභිමානයක් තියාගන්න.
කිසිම දෙයක් මාධ්‍යයට නොකියා කරගෙන යන එක ගැන ජනතාවට තියෙන්නේ මහා ප්‍රහේළිකාවක්.. යුදහමුදාපතිතුමනි, ඔබතුමා උතුම් කෙනෙකි. මේ කාලකණ්ණි දේශපාලනයේ කුණු ඔබතුමා ගාගන්න එපා කියලා වැඳලා ඉල්ලනවා.
හරියට හරි මැතිතුමනි.. වහලා දාලා මේක කරන්න බැහැ. අපේ බිස්නස් වැටිලා...
බල්ලගේ වැඩේ බූරුවා කරන රටක් මේක...
වෛද්‍යවරු කරන්නේ ඔවුන්ගේ ජාතික යුතුකමක්... පාලකයින් සියල්ල තමන්ට කළ හැකියි කියා හිතනවා විතරක් නොවේ... ඒ මත ගන්නේ හිතුවක්කාර තීරණ. මාසෙකට පෙර රට වැහුවා නම් මේක පාලනය කරන්න තිබ්බා. ඒත් පාලනය නොදන්න හිතුවක්කාර පාලකයෝ ඒක කළේ නැහැ. අද රටම අනතුරක. රටේ පාලකයා දේශපාලකයෙක් වුණා නම් මීට වඩා මිනිස්සු ගැන හිතනවා. හමුදාවට පුළුවන්ද කොරෝනා මර්ධනය කරන්න..? ඕක සෞඛ්‍ය සේවයට අයත් වැඩක්. බල්ලගේ වැඩේ බූරුවට කළ හැකිද? හමුදාපති කරන්නේ දේශපාලනය නේද? නැතිනම් විපක්ෂ මන්ත්‍රීවරු කරන ප්‍රකාශවලට උත්තර දෙන්නේ කොහොමද මෙයා..? ඔවුන් ජනතා නියෝජිතයෝ බව අමතකද?
සර් හින්දා මෙතුමාත් නෝන්ඩි වෙනවා. අන්තිමට තානාපති තනතුරක් අරගෙන විශ්‍රාම යන්නයි වෙන්නේ.
ඔය ප්‍රහේලිකා තියන් ඔය බරපතල වගකීම කරන්න බැහැ නේද?
මෙතුමා යුද්ධයට හොඳ දායකත්වයක් දුන්නා කියන එක ඉතිහාසගත වෙනවා. කොරෝනා වුවදුර හරියට පාලනය කරගන්න බැරිවුණොත් ඒවත් ලස්සනට ඉතිහාස ගතවෙයි.
විෂය පථය ගැන දන්නා අය දෙයක් කිව්වම චෝදනා කරනවට වඩා හොඳ නැද්ද සොයා බලන එක....
ඉතින් ඔබතුමාට පුළුවන් නේද ඔය වෛද්‍ය සංගම් නියෝජිතයන් වහා කැඳවල සාකච්ඡා කරන්න..? අර කමිටු නිලධාරීනුත් ඊට කැඳවන්න පුළුවන්. ඇයි නොකරන්නේ? වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වගේ අයට අත්වුණු ඉරණම තමුන්ට අත් වෙනවාට මොන රජයේ සේවකයාද කැමති... ?
මෙතන කොමෙන්ට් දාන අය හරිම බොලද විදිහට අදහස් කියන්නෙ. එහෙනන් විද්වත් කමිටු ඔනේ නැහැ. ජනාධිපති පැත්ත්ක ඉන්නවා... අනික් අය මාධ්‍ය සංදර්ශන වලින් අදහස් ප්‍රකාශ කරනවා... පහුවෙදා උදෙන් පත්තර වලින් කියවනවා... එහෙම නෙමේ කමිටු තියෙන්නේ සියලු විද්වත්තු කමිටුව හමුවේ පැමිණ අදහස් ප්‍රකාශ කර සාකච්චා මාර්ගයෙන් විසදුමක් සෙවීමයි.
මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙන්න එපා...
අපි මොනවා කීවත් තාම රට පාලනේ කරන්නේ බෝර්න් එගෙයින් කල්ලියක්... මේවා ප්‍රහේලිකා වෙන්නේ ඒ නිසයි.
වන්නියලැත්තො, පොල්ලෙබැද්දෙ ගමා, කයිරවන්නියා පවා දන්න, දිගින් දිගටම ඉහළපෙලේ වෛද්‍යවරු කියන " සති දෙකකට රට වහපියව් " කියන එක රට වහන්න ඉන්න නිසි බලධරයගේ කනට කොඳුරලා කියන්න ඕනෑද? රටේ එකාලා කොච්චර මැරුණත් මට මොකද? 2/3 තියනවනේ. ඕනෑම රැවටිල්ලකට හසුවන මෝඩ මිනිසුන්ගෙන් පිරිච්ච සමාජයකට මෙවැනි උද්ද්ච්ඡ පාලකයින් හැර බුද්ධිමත් පාලකයෙක් පත්වෙයිද?
ෆේල් නොවී සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හොරකම විතරයි. පුලුවන් නම් මේ අවුරුදු දෙකට කරපු දෙයක් කියන්න. " නොකළ හැකි දෙයක් නොමැත" කියලා හමුදාව යොදවලා අටවපු, ඔබතුමාත් බලන්න ගිහින් මාධ්‍ය සංදර්ශනයක් කරපු අතරමැදි ස්ථානවල වහලා හිල්වෙලා ඒවායේ ඇඳන් උඩ ඉන්න කොරෝනා අසාධිතයින් වැස්සට නෑවෙන වීඩියෝවක් ඔන්න ලෝකේ පුරාම සංචරණය වෙනවා.