
(සුජිත් හේවාජුලිගේ )
රට විවෘත කළ පසු ජනතාවගේ පරිස්සම හොඳටම මදි යැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ කටයුතු කළහොත් කොරෝනා පොකුරු යළි ඇතිවීමේ අවදානමක් මතු වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ජනතාව විශේෂයෙන්ම මුව ආවරණ ගැන සැලකිලිමත් විය යුතු බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එකට එක්රැස්වී කෑම බීම ගැනීම සහ වායුසමනය කරන ලද ස්ථාන හැකිතාක් මඟහැර කටයුතු කිරීම යනාදී සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කිරීමද ඉතාමත් වැදගත් බව පැවසුවේය.
මේ අතර වයස 18-30 අතර පිරිස්වලටද එන්නත කඩිනමින් ලබාදිය යුතු බවත් සමාජයේ රංචු ප්‍රතිශක්තිය ඇතිවීම එම කොටසට එන්නත ලබාදීමෙන් සිදුවනු ඇති බවත් අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.
රට වසා දැමීමේ සම්පූර්ණ ප්‍රතිඵල දැකගත හැකිවනුයේ තව සති දෙකකින් පමණ පසුව බව පැවසූ හෙතෙම රට වසා දැමීමේ ප්‍රතිඵල ලෙස කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයිද සඳහන් කළේය.
කොරෝනා පැතිරීම ඉතා හොඳ මට්ටමට පාලනය වී ඇතැයිද ඔහු කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහාචාර්යවරුත් නිකන් දේශපාලඥයින් වගේ. එක එක දවසට කියන්නේ එක එක කතන්දර. වෙලාවකට හිතෙනවා කවුරුහරි ලියලා දෙන දෙයක් කියවනවා වගේ කියලා...
කොරෝනා පැතිරීම පාලනය වෙලාලු. ජනතාවගේ පරිස්සම හොඳටම මදිලු. මෙහෙම හරි ඉන්න එක ගැන සතුටු වෙන්න මහත්තයෝ.. මිනිසුන්ගේ ඔලුවලට කඩා පාත්වෙන හෙනවල හැටියට...
නිකන් ඔහේ දොඩවනවා.
ආයෙත් බොරුව අවුස්සලා 4වෙනි එන්නත් ඇනවුම් කරන්නද හදන්නේ?
පරිස්සම්ක් කල්පනාවක් නැති මිනිස්සු බහුතරයක් ඉන්න රටක් ලංකාව.