IMG-LOGO

‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘

(තිලකරත්න දිසානායක)

"අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ නිසා සමාජ මාධ්‍ය කරනවා නම් රජයට මඩ ගැසීම නොව අද වනවිට පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කරදීමක් සිදු කරමින් රට යන්නේ කුමන පැත්තකටදැයි යන්න දැනුවත් කිරීමක් කළ යුතුයි " යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථාන සමාජ මාධ්‍ය ජාල ඒකකය මගින් සංවිධානය කොට තිබු එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරීන් දැනුවත් කිරීම පිනිස ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති වැඩසටහනකදී මේ බව සඳහන් කළ රුවන් විජයවර්ධන මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

" මේ වනවිට රටෙහි පවතින තත්ත්වය අනුව අද තරුණ තරුණියන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය ජාලා මගින් රජයට චෝදනා කරන බවත් මේ නිසා එක්සත් ජාතික පක්ෂයද සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් අපේ මතය මෙන්ම රජය විසින් කරනු ලබන වැරදි ක්‍රියා ජනතාවට පෙන්වාදීම කළ යුතුයි.

අද මේ රටේ මිනිස්සුන්ට ජීවත්වීම අමාරුයි. රජයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ආර්ථිකය කළමනාකරණ කිරීමේ හැකියාවක් මේ රජය ඇත්තේ නැහැ. කිසිම දැනුමක් නැහැ. ඒ නිසා රටේ ජනතාව විශාල වශයෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දී සිටිනව. අපි දකිනව පෙට්‍ල් සහ ඩීසල් ලබා ගැනීම පිනිස විශාල වශයෙන් පෝලිම්වල සිටින ආකාරය. අද ගෑස් නැහැ. විදුලිය නැහැ. ප්‍රශ්ණ ගොඩක් තිබෙනව. මිනිස්සුට ජීවත් වෙන්න අමාරුයි. අලුත් අවුරුද්ද වනවිට නම් සහල් මිල ගණන් අඩුකර ලබා දෙයි. නමුත් අවූරුද්දට නම් සහල් මිල ගණන් අඩු වූවත් ඉන් පසුව රටේ ජනතාවට විශාල ආර්ථික අපහසුතාවයකට පත් වීමට සිදුවේවි. මේ යන විදියට තව අවුරුද්දක්වත් රජය ගෙන යාමට හැකිවේදැයි යන්න ප්‍රශ්ණයක්.

අපි දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ සංවිධාන කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනව. මෙහිදී සමාජ මාධ්‍ය ජාලා සමගින් ඉදිරියට යාම පිළිබඳව සහ දේශපාලන ගමන සම්බන්ධයෙන් සිරිකොත සමාජ මාධ්‍ය ඒකකය මගින් දැනුවත් කරාවි."

 



අදහස් (0)

‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site