IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා

(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු  සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.

අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් එම ප්‍රකාශකයා කීය.

 



අදහස් (10)

ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා

Chandanie Wednesday, 14 August 2024 06:16 PM

ඒක අල්ලසක් හැටියට සලකන්න පුළුවන්ද කියලා හිතෙනවා කෙනෙක් හෝ පිරිසක් විසින් හදාවඩා පෝෂණය කල පක්ෂයේ අයිතිය විකිණීමට කටයුතු කිරීම අල්ලසක් වෙන්නේ කොහොමද... ඒක දේපළ විකිණීමක් හැටියට සලකන්න පුළුවන්... ජනක හිතාගෙන ඇති අනුන්ගේ දේපළ නිකම්ම ඔහුට පිදිය යුතුයි කියලා...!

:       9       125

PereraThursday, 15 August 2024 06:52 AM

මෙතන පක්ෂයේ අයිතිය මාරුවීමක් වත් විකිණීමක්වත් වෙලා නැහැනේ... පක්ෂයේ නම යටතේ නාමයෝජනා දෙන්න මුදල් ඉල්ලලා තියෙන්නේ. එය අල්ලසක්...

:       0       0

මහසෙන් Wednesday, 14 August 2024 06:17 PM

අල්ලස ගැනීම වගේම දීමත් වරදක් නේද?

:       14       50

PereraThursday, 15 August 2024 06:54 AM

අල්ලස් දීලා තියෙන්නේ බලධාරීන් දැනුවත්ව අල්ලස් ගන්න අයව අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම අනුවයි .එය වරදක් නොවෙයි

:       0       0

Lasanthi Wednesday, 14 August 2024 06:51 PM

වත්කමක් විකුණා මුදල් ගන්නවා කියන්නේ අල්ලසක් කියන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න...

:       6       105

Rata Perata Wednesday, 14 August 2024 07:10 PM

සල්ලිවලට ගෙම්බෝ වගේ පනින අනිත් අයට දැන් චූ යනවා ඇති. නියම ප්‍රවෘත්තියක්... ඡන්දෙ ළංවෙලා පිට රට යන්න ටිකට් ගන්න අය ගැන ඇහැ ගහගෙන ඉන්න.

:       36       26

Raman Wednesday, 14 August 2024 07:59 PM

ඔය පක්ෂයෙන් 2015 ඡන්දෙ ඉල්ලුවේ කවුද?

:       0       0

සිසිල් සුදේශ් Wednesday, 14 August 2024 08:43 PM

අල්ලස් දුන්නු එක්කෙනා ඇල්ලුවේ නැද්ද?

:       0       0

Gunendra Wednesday, 14 August 2024 10:11 PM

මේක මෙයාගේ ප්‍රචාරක වැඩක්, පහුගිය දවස්වල මෙයා ගැන ගිය ආරංචිත් හොඳ නැහැ...!

:       0       0

Prabath Thursday, 15 August 2024 08:05 AM

මෙයා ලක්ෂ 300 ක් (කොටි 3ක් )උපයාගත් හැටි හොයන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site